දයාබර දියණියට  

Posted by නුවන් තිලංග in , ,





මවුපිය සෙනෙහස අහිමිව
මා තුරුළට පැමිණියදා
සපථ කළෙම් දිවිහිමියෙන්
සුරකින්නට ඔබ


ඒත් දියණියේ


හි‍තේ කොතැනකවත්
අහිතක් නොමැතිවයි
ඔබ‍ට සැර කළේ
විසල් ලෝකයේ
රුදුරු සතුරන්ගෙන්
රැක ගන්නයි‍ සෙනෙහසින්


ඔබේ දෙ‍නෙතින් ගලායන
කඳුළු කැට දැක
ඔබට හොරා මගේ හදවත
වැළපෙයි


ඒත් දියණියේ


දයාබර සැමියෙකු අතදරා
නෑකුල පිරිස සමග
ඔබ දීගෙක යන තෙක්
අනේක දුක් දරා
ඔබ සුරකින්නට
මගේ යුතුකම ඉටුකරන්නට


කැපවෙම් නිරතුරු.............මා


මා සදාදර


ඔබේ


......බාප්පොච්චා........




This entry was posted on Friday, January 14, 2011 at Friday, January 14, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

1 දෙනෙක් ගේ අදහස්

වැඩිහිටියෙකු දරුවෙකුට අවවාද අනුශාසනා කරන්නේ දරුවාට ඇති ආදරය නිසා. බොහෝ වෙලාවට ඒ අවස්ථාවේදී එය නොරිස්සුමක් ඇති කලද වයසින් බුද්ධියෙන් මෝරන දරුවා ඒ අවවාද අනුශාසනාවන්හි අගය වටහා ගනී. එදාට යහමග පෙන්වා එගොඩ කල අයට පින් දෙනවා නොඅනුමානයි.

වයස් මට්ටම් හෙවත් පරම්පරා දෙකක් අතර නොරිස්සුම (generation gap) අගේට මතුකර දක්වන පදපෙලක්.

January 21, 2011 at 2:01 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්