අපිත් බුදුන් වඳිනවා
Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in අපිත් බුදුන් වඳිනවා, උපේන්ද්‍ර හර්ෂණගෙන්, නිසදැස්
තමා හිසට තමන්ගෙ අත නැති දවසුත් තියනවා
ලබා උපන් හැටි කියමින් දේව පැතුම් පතනවා
මනුස්සකම රන් කහවනු ලගදි දෙකට නැවෙනවා
පින් කරන්න දැන් දෙයියොත් මාසෙ පඩිය බලනවා
මහ පාරේ වීදි පුරා කඩවල පින් තියනවා
අත බර අය සදලුතලෙන් බැසවිත් පින් ගන්නවා
තව්තිසාවෙ බැංකුවෙ අය ඒ පින් කඳ මනිනවා
අතේ සතේ නැති එකාට දෙයියෝ අහක බලනවා
අපේ හිතෙත් උසම තැනක පසේ බුදුන් ඉන්නවා
මල් පුදන්න තැනක් නැතත් හිතේ පැතුම් තියනවා
කුසේ ගින්න මරා ගන්න දවස අපෙත් ගෙවෙනවා
අතේ සතේ නැතත් පුතේ අපිත් බුදුන් වඳිනවා
අමා මහ නිවන් කෙලවර පතාගෙන අපිත් හැමවිට
උනුන් ලඟ දනින් වැදගෙන නිවන් පතනවා
කල්ප කාලයක් කල පව් සැරයටියෙන් වෙර අරගෙන
දකින දකින පන්සල් වල පව් හෝදනවා
මිනීමරු දනෝ ගිනි බිඳ ඉතින් පරලොවට ගිය කල
අපේ මහ දනෝ උන්ටත් නිවන් පතනවා
සැමට පොදු බැනර් ඇඳගෙන සත්ගුණවත් මරු සිරාට
වැලිකඩ ලඟ බෝධියකින් නිවන් පතනවා
අමා මහ බුදුන් සිහිකර කියා අපි වැටී ඇති වල
බුදුන් දහම් සඟ සරණින් පිහිට පතනවා
සිනාසී නැටුම් නැටුවත් පමාවී දැනෙයි කාටත්
අපිට වැරදිලා කියලා අපිම දන්නවා
තනා ගත් පැල දිරා ගොස් ඇත
මාවතේ අපි සොයමු ඉඩ කඩ
උපන් මිනිසුන් මියෙන ලොව තුල
මග බලාගෙන හිඳිනු කුමටද
ලෙයින් උපනත් ලෙයම පෙවුනත්
ලොවේ බැමි නැත තදට බැඳුනේ
මහා මන්දිර පුතුන් තැනුවත්
මැදුර තුල නැත සෙවන ලැබුනේ
නැගී එන හිරු ගිලී යන තුරු
ඉඳින් මැණිකේ මගේ තනියට
මාවතේ මිය ඇදෙන දවසට
යමුද මැණිකේ මගේ තනියට
අනේ තාත්තෙ කියහන්කො..
අපි පිං පෙට්ටියට දාන පඬුරු
දෙයියෝ ගනන් කරන්නෙ කොයි වෙලාවටද කියලා
ඒත් එක්කම මට කියහන්කො
සිතූ පැතූ සම්පත් තියනවාය කියන දෙයියො..
අපි දෙන සතෙන් සතේ එකතු කරනවද
පිං කැටේට දාන පඬුරෙ ගානට අපිට සලකනවද
පඬුරක් නොදා යන උන්ගේ හතර හන්දි දෙයියො කඩනවනම්
සොත්ති උපාලිත් දෙයියෙක් නෙ තාත්තෙ
උපන් දා පටන් වැයුවෙමි නුඹට බෙර පදේ
පරම්පරා හුරු දෑතට නුහුරු නැත මගේ
තැලුනු දෑඟිලින් දැනෙනා හැඟුම නැත සුවේ
තවත් මම කුමට වයමිද නුඹට බෙර පදේ
නුඹට පුද කෙරුනු ලෝකය ගෙවී ඇත මගේ
උරුම තනිකමට නුඹ නැත පිහිට හෙට දිනේ
මගේ පැල පමණි මන්දිර තැනී ඇත හිතේ
කුමට තනි රකිමි නුඹ ලග කිමද ඇති පලේ
නුඹට පමනි හිස නැවුනේ දෙවොල තුල මගේ
දුදන සිත් දනන් හට නුඹ පුදනු මට පෙනේ
උනුන් ලග දනින් වැදගෙන වයමි මම කෙසේ
කුමට නුඹ නමින් වයමිද හෙටත් මම බෙරේ

බැරි බර කරෙන් ගෙන යන දින පැය අතර
අපෙ දුක රැදෙයි ලෝකය නොදකින තැනක
දහඩිය සුවඳ නොදැනෙන නුපුරුදු හිතට
අපෙ දුක දුරයි නොමියෙන මිනිසත් හිතට
වේලක් නොකා තව වේලක රස බලන
පොඩි උන් නිදයි මොර දෙයි හිස් කුස් නිතර
ඇකයෙන් උරා බොන රුධිරය නැති කලක
අහසින් වැටෙන දිය බිඳු සරණයි උන්ට
වීදි බසිති දාස් ගනන් පඩි ගන්නෝ
වැඩත් වරති ලොකු ලොකු තැන් වල ඇත්තෝ
මාසේ අගට පඩි පත ගෙන ඒ උතුමෝ
කෝලම් නටති සල්පිල් වල ඒ ඇත්තෝ

පුරසාරම් නැත.. දොඩමලු වී නැත..
අපි අප වෙනුවෙන් කළ කී දෑ ගැන..
රන් මිණි අබරණ අතැඟිලි වල නැත..
ඉර හඳ උකසට අප අරගෙන නැත..
දිවිය පුරාවට දුන් සිත පමණක්
එදා බැඳුනු විලසින් තවමත් ඇත...
සිත්ති නෝනා
බලාපන්
මොහොමඩ් ඇවිත්
පුත්තලමේ සිට
මග ගෙවාගෙන
අත් වැඩට නොගිහින් අද
නුඹ බැලීමට ඇවිත්
නුඹේ සිහිසුන් සිරුර
වැලඳගෙන, සිප දෙපා,
වියළි කෙහෙ කැරලි
පිරිමදියි සෙනෙහසින්
නුඹේ නෑසෙන කණට
කිට්ටු වී මුමුණයි
ගෙවුණු විසි වසර තුළ
කියා ගත නුහුණු දේ
නුඹේ දරු සයදෙනට
කන්ට දිය යුතු හෙයින්
නොහැක හෙට මෙහි එන්ට
නුඹ බලන විලසින්
මොහොමඩ් ඇවිත්
පුත්තලමේ සිට
මග ගෙවාගෙන
අත් වැඩට නොගිහින් අද
නුඹ බැලීමට ඇවිත්
නුඹේ සිහිසුන් සිරුර
වැලඳගෙන, සිප දෙපා,
වියළි කෙහෙ කැරලි
පිරිමදියි සෙනෙහසින්
නුඹේ නෑසෙන කණට
කිට්ටු වී මුමුණයි
ගෙවුණු විසි වසර තුළ
කියා ගත නුහුණු දේ
නුඹේ දරු සයදෙනට
කන්ට දිය යුතු හෙයින්
නොහැක හෙට මෙහි එන්ට
නුඹ බලන විලසින්
යා යුතුය බොහෝ දුර
තනිව, දරුවන් පිණිස
ඒ නිසා යනු මිසෙක
නුඹව හැර යනු නොවේ
සිත්ති නෝනා
විවර කර දෑස
සමුදෙන් මොහොමඩ්ට
අවසාන වරට
ඒ නිසා යනු මිසෙක
නුඹව හැර යනු නොවේ
සිත්ති නෝනා
විවර කර දෑස
සමුදෙන් මොහොමඩ්ට
අවසාන වරට
සයවන දරුවා ලබා සති දෙකකින් හදිසියේ අසනීපව, පුත්තලමෙන් කොළඹට එවා, කොළඹින් අපට එවූ සිත්ති නෝනා.... උපන් දා සිට දුක් විඳි ඇගේ පෙණුම තිස් හතක් නොව පනස් හතක් මෙනි. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ඈ බොහෝවිට ආපසු නිවෙසට නොයනු ඇත.
විසි වසරක් පුරා ඈ හා ජීවිතය බෙදාගත් මොහොමඩ්ගේ කඳුලින් අද ඇගේ සිරුර නෑවෙන්නට ඇති.
"මම හෙට වැඩට ගියොත් තමා කන්ඩ හම්බ වෙන්නෙ." දරුවා ලැබුණු පසු දින එකොළහක්ම රැකියාවට නොගොස් සිටි ඔහු අතේ සතයක්වත් ඉතිරි නැතිව ඇති. මග වියදම් සපයා ගැනීම තබා අලුත උපන් දරුවා ඇතුලුව දරු කැලකගේ කුසගිනි නිවන්නේ කොහොමද? සිත්ති නෝනා අසාධ්‍ය තත්වයෙන් සිටියදීත් ඔහුට මේසන් වැඩට අත් උදවු දීමට යාමට සිදුව ඇත්තේ ඒ නිසා. "මම හෙට ආවෙ නැතුවට කමක් නැද්ද?" ඔහු දොර ළඟ සිට ආයෙමත් ඇහුවා. "ළමයිනුත් හුඟක්නෙ. මම වැඩ කරොත් තමා කන්ඩ හම්බවෙන්නෙ....මම ආයෙ සැරයක් එයාව බලලා එන්ඩද?" සිත්ති නෝනාව තනිකර ආපසු යන මොහොමඩ්ගේ හදවත රිදුම් දෙන්නට ඇති.
ඒත්...... මෙතරම් ආදරය කරන මොහොමඩ්ව යළි දකින්නට නොලැබෙන බව නොදැනදෝ සිත්ති නෝනා තද නින්දක.
මහා මන්දිර සඳලුතලවල
නම්බුවේ ගුණ රුවේ ඔපයට
හැදෙන වැඩෙනා අපේ උන් ගැන
නොමැත තරහක් අපේ හිත් වල
වදන් ගලපා කියන්නට බැහැ
නැගෙන කුසගිනි කතාවන් ගැන
රජුන් බුදිනා බොජුන් හල් ළඟ
නොමැත උණු වෙන දයා සිත් ලොව
කුලේ තිරිසන් උණත් හිතවත
දැනේ අපටත් කුසේ හිස් බව
නොතේරී නොව අහක බැලුවේ
බුදුන් වඳිනා බොහෝ සිත් අද
යුක්තියේ මූණු බැඳ
කොටි නගුට සඟවමින්
යුරෝපීය රූකඩයා
රට පෝරකයට ගෙනියන්න
දඬු කඳක් ගෙනැල්ලා
අපේ සිහලයා
තවමත් මර නින්‍දේ
එකිනෙකා මරාගෙන
කෙළ හළයි
බලයට
එදා ඔබ කී දේ
සැබෑ වන්නට
ළඟයි දැන්.....
ජාතියේ අවසානයද මේ?
නගුට අකුලාගෙන
වකුටු වී බුදියන
අලස සිහලයා
නැගිටවන්නට
අවදි කරමින් මගේ දේශය
දම්පල් හිමියනි
වඩිනු මැන..........
2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු.
Posted by නුවන් තිලංග in 2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු, නිසදැස්, නුවන් තිලංගගෙන්
මාළුවාගේ සිට වැසිකිළිය තෙක්
කප්පම් එකතු කරනවලු
අගනුවර පමණක් දිනක
ගබ්සා දහසක් ලු
බොදු නගර සියල්‍ලේම
සුරා සැල් ඇරලාලු
කැසිනෝ ගහන්නට වෙනම
වීදියක් හදනවලු
බැලු බැලු සැම අත
සම්බාහන ගුබ්බෑයම්ලු
අනේ ඉතින්
මුං රකින පිළිවෙත්!
මැඳුරු දොරකඩ පිලක ඉහිරෙන
බත් පතක රස බලන හිතකට
උන්ගේ කරුමය කියනු වෙනුවට
නැතිද ලෙංගතු වදන් හිත අග
හිතක නිකැළැල් වේදනාවන්
දකින තුරු බිඳ චේතනාවන්
උන් ලගින අතු පැලක අහලින්
වැඩ සිටීවිද දේවතාවන්
පන්සලේ බණ මඩුව කොනකින්
උන්ට ඉඩ නැති අරුම දකිමින්
සරණ තිසරණ නොදැක රහසින්
උන් දකීවිද නිවන් කෙලෙසින්
කඳුළු කරදර නොමැති හිතකට
සිනාසෙන්නට බැරි නිසා
මල් පිපෙන ලොව සුවඳ උරුමව
පැහැය නොපෙනෙන පව නිසා
ප්‍රේමයේ හැඩ නොදැක කිසි දින
අසන සරදම් පෙම් කතා
මලට ලං වෙන බමර හිත් වල
නැහැ දකින්නේ පෙම් සිනා
ගමන නොනිමෙන මගක ඉඳ හිට
හිතට ලං වෙන හිත් පවා
අඳුරු හිතකට පෙම් බඳින කල
පළා යන්නේ හිරු කරා
* ජීවිතයේ එක් කලෙක මට සමීපව සිටියකුගේ දියණිය නෙත් අඳ යුවතියකි. බාල වියේදී කිසිදු දුකක් නොදී මලක් මෙන් ඇය හදා වඩා ගත්තද, එළඹෙන යෞවනය හමුවේ දෙමවුපියන්ද අසරණය. දෑසම පෙනෙන යෞවනියක පිළිබඳව වුවද පියෙකුගේ සිතෙහි ඇත්තේ අවිනිශ්චිත බියකි; නෙත් අඳ දියණියක පිළිබඳව කියනුම කවරේද?
* ජීවිතයේ එක් කලෙක මට සමීපව සිටියකුගේ දියණිය නෙත් අඳ යුවතියකි. බාල වියේදී කිසිදු දුකක් නොදී මලක් මෙන් ඇය හදා වඩා ගත්තද, එළඹෙන යෞවනය හමුවේ දෙමවුපියන්ද අසරණය. දෑසම පෙනෙන යෞවනියක පිළිබඳව වුවද පියෙකුගේ සිතෙහි ඇත්තේ අවිනිශ්චිත බියකි; නෙත් අඳ දියණියක පිළිබඳව කියනුම කවරේද?
ශ්‍රී මහ බෝධියේ දළදා මාලිගයේ
උතුමන් බෝ ලඟින් ඉඳ පින් කරගන්නේ
දණ බිම තබා හිස බෝ සමිඳුන් මත්තේ
රජවරු පමණි රන්වැට පසු කර යන්නේ
දළදා සමිඳු ඇස දකිනා කලි යුගයේ
උතුමන් ලඟට ගොස් වැඳ අවසර ගන්නේ
හද්දා වන්නියේ නෙත් බොඳ අම්මාගේ
දෑසම කරඬුවේ කොත දැක සැනසෙන්නේ
බුදුවරු වැඩ වසන යුගයේ පෙර දවසේ
රජවරු හිගන්නෝ එක ලෙස නෙද දුටුවේ
අරුමෙකි මෙදා උන් පෝලිම් කොට බෙදුනේ
වැරහැලි වලට බුදුනුත් අහකද බැලුවේ
මුරුගසන් වැසි දෙගොඩ නොතලන
දවස වැඩ සිටි දේවතාවුන්
ඉවුරු පෙරලන් ගොඩ ගලන කල
තව්තිසාවට වෙලා පිටමං
උදේ හවසට නුඹට පුද දුන්
පහන් පැල ඉදිරී වැටෙත්දිත්
කෝටියක් තිස් දෙවිඳු නිදිවැද
කලේ උන් හට මහා සරදම්
කදුළු දැක දැක නැවත නැගිටින
උන්ගේ ලෝකේ වෙලා වල්මත්
ගෙපැල මුල්ගල තබන දවසක
නුඹට වෙන් වෙද එබිම පහනක්
ගලනා නාද අත්පොලසන් හඬ මැද්දේ
මන්ත්‍රී දොඩයි දන්සැල් දොරකඩ මැද්දේ
සැමදා පිරෙන කුස් පුරවන මහ දානේ
බත් පත බෙදෙයි උතුමන් ලඟ කොත් පෑදේ
හිරකොට ගවුම් ඩෙනිමෙන් මුල් තැන පේලි
පෝලිම දිවෙයි සැතපුම් කණු පෙළ යාවී
පෝලිම කොණක වැට මුල්ලක ගත වේලී
දුගියෙක් විකයි දත්මිටි සුවඳට පේවී
මන්ත්‍රී දොඩයි දන්සැල් දොරකඩ මැද්දේ
සැමදා පිරෙන කුස් පුරවන මහ දානේ
බත් පත බෙදෙයි උතුමන් ලඟ කොත් පෑදේ
හිරකොට ගවුම් ඩෙනිමෙන් මුල් තැන පේලි
පෝලිම දිවෙයි සැතපුම් කණු පෙළ යාවී
පෝලිම කොණක වැට මුල්ලක ගත වේලී
දුගියෙක් විකයි දත්මිටි සුවඳට පේවී
වෙද මාමගේ නළලේ රැළි ගානට
සීයේ කොළ එකතු කරලා
බුලත් කොළ මිටිය අස්සේ ගහලා
දෙයි හාමුදුරුවන්ට දුන්නු පගාවේ බලෙන්
කේන්දරේ පුරා කොටු පැන්න
සෙනසුරා.... මෙල්ල වෙලා ලූ...
අනේ බන් සෙනසුරු
ජීවිතේ.. කාලෙකට මාව කොටු කරපු උඹ
මුළු ජීවිතේටම කොටු ගොඩකට
කොටුවෙලා කියලා
තාමත් උඹට නොතේරෙන හැටි
(නො)තේරුම
කප්පරක් පැතුම්
හීන කන්දක් පුරවගෙන
මහගෙදරත් උකස් කරලා
විස්ස විද්යාලේ යවපු ලොකු එකා
අත් කකුල් වෙලාගෙන ගෙදර ඇවිත්
පහ පාස් පොඩි මල්ලි සිමෙන්ති අනලා
ගත්තු සොච්චමත් හන්දියේ ඩිස්පෙන්සරියේ
කවුන්ටරේ මැද්දෙන් තිබ්බ
උන්ගේ අම්මා
දෙස් තියන
අප්පච්චිට මෙහෙම කිව්වා
කෑ නොගහ හිටියනම්
මයෙ පුතාට දැන් හොඳට පොස්ටෙර් අඳින්න පුලුවන්
මුරගල

මුරගලේ ලිපි
අලුත් ලිපි
ජනප්‍රිය ලිපි
-
හැමදාම ඉර පායන එක බොහොම කම්මැළි වැඩක්. නොදන්න කෙනෙකුට හිතෙන්නෙ, ඒක බොහොම ලෙහෙසි වැඩක් කියලා. නමුත්, උදෙන්ම පායන්නට ඕන; නැත්නම්, සත්තු කලබල ව...
-
දොර ඇරෙයි. සැර විලවුන් සුවඳක් පැතිරෙයි. දොරින් ඇතුළු වෙන සරා, නිකමට මෙන් කාර්යාලය දෙස බලා, නාන කාමරයට යන පටු කොරිඩෝවට හැරෙයි. දෙපස පැලුම් ...
බලපු ඇත්තෝ කියපු දේවල්
කියවපු පිටු වල ගණන් හිලව්
හිතවත් පවුර
යුනිකේත විකේතකය
දැනුම් දීමයි
"මෙහි පලවී ඇති සියලුම ලිපි හා නිර්මාණවල හිමිකාරීත්වය කතුවරයින් සතුව පවතින අතර, වෙනත් තැනක පලකරන්නේ නම් උපුටා ගැනීම හා කතුවරයින්ගේ නාමය සඳහන් කළ යුතුය. එසේ නොමැතිව දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බව කරුණාවෙන් සළකන්න"
මුරගලේ අපි
Labels
- "පිස්සෙක්"
- (අ) වාසනාව
- (නො)තේරුම
- 2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු
- A9
- අද්දර ජීවිත
- අනේ බන් සෙනසුරු
- අඳ නෙත්
- අපාය
- අපිත් බුදුන් වඳිනවා
- අබූත
- අමා මහ නිවන්
- අවුරුදු
- අශ්ඨක
- ඇනට්
- ඇන්ඩෲ අය්යා
- උපේන්ද්‍ර හර්ෂණගෙන්
- ඒ අපේ කෙනෙක්
- ඒ.. රුපියල
- කවි
- කව්
- කළු පාට සොබාදහම
- කුටුම්භය
- කුනු
- කෙටිකතා
- කෙලෙසක දෝ අම්මේ.
- කොන්ෆරන්ස් එක
- කොල්ලො බල්ලො
- ගොදුර
- ජිවිතය උරගැම
- ජීවිතයේ කතාව
- ඩොගී
- තිලකා
- තුරු සිසිල
- දන්න අය දන්නවා.....
- දන්සැල
- දම්පල් හිමියනි
- දයාබර දියණියට
- දානය
- දේව පරාජය
- නලිනි චන්දිමාගෙන්
- නාඳුනන්නී
- නිමක් නැති කතාවක්
- නිර්මලා
- නිසදැස්
- නුතන බොළද ආදරවන්තයාගේ කව් පොතින්
- නුවන් තිලංගගෙන්
- නොපිපි කුසුම
- නොමියෙන ප්‍රේමය
- පරචිත්ත
- පරිස්සමෙන් හිටු
- පාට බැලුන්
- පිං කැටේ
- පෙරුම් පිරු සිහිනය
- පොතක් නිසා
- බේබද්දා
- බ්‍රැන්ඩි
- මාවතේ අපි
- මාෂ්මෙලෝස්
- මිනිස්කම යනු මෙයද ව්මසමී
- මිනීමරුවා..
- මීනා
- මුවහත
- යන්තරේ
- යැපෙනු පිණිස
- රතු එලිය වැටෙන තුරු
- රතු කමිසය
- රාහුලයෙක් උපන
- ලාභයි........ ජීවිතේ
- වන්දනා
- වයමි මම බෙරේ...
- වැව රවුම
- විසඳුම
- සංගිලි පාලම
- සමන්ත රූපසිරිගෙන්
- සාරා
- සිතක සිතුවිලි
- සිත්තාරු පාළම
- සිත්ති නෝනා
- සියුමැලි නොවුනු කලුගල්
- සිර ගත කල පෙම
- සිල්
- සුනීත
- සෙනරත් බණ්ඩාරගෙන්
- හැදූ මව
- හිරු ලප
- හෙවනැලි නැති මිනිස්සු
- හෙවනැලි නැති මිනිස්සු.....
හිතවත් අඩවි
-
ප්‍රදීපාගාරය: අඳුරට එළියක්2 days ago
-
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!7 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...8 years ago
-
Carnival of love9 years ago
-
-
කාබුල් කවි.9 years ago
-
test 710 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන11 years ago
-
"බොහොමත්ම ස්තුතියි"12 years ago
-
කැත කූඹී...13 years ago
-
ප්රබුද්ධ උපුටනය 0514 years ago















