නොමියෙන ප්‍රේමය  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,





පුරසාරම් නැත.. දොඩමලු වී නැත..
අපි අප වෙනුවෙන් කළ කී දෑ ගැන..
රන් මිණි අබරණ අතැඟිලි වල නැත..
ඉර හඳ උකසට අප අරගෙන නැත..
දිවිය පුරාවට දුන් සිත පමණක්
එදා බැඳුනු විලසින් තවමත් ඇත...




This entry was posted on Sunday, May 29, 2011 at Sunday, May 29, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

7 දෙනෙක් ගේ අදහස්

එල ..........
ආදරය යනු අමරණීය දෙයකි ......

May 29, 2011 at 1:09 AM

පිලිතුරු පදපෙලක් කරන්න උත්සාහ ගන්නේ නැහැ, ඉන් පදපෙලට හානියක් වුනොත් කියලා හිතුනා.

රූපයේ පාලමේ පිහිටීම හා ස්වරූපය දෙකෙළවර අතර ඇති ගැඹුර, වයසක දෙපල එකිනෙකාට දෙන ගැම්ම මොනතරම් නම් දේ කියයිද? ජීවිතය සුන්දරයි. පදපෙල හා රූප සංකලනය සුපිරියි.

May 29, 2011 at 1:26 AM

නොමියෙන ආදර පමණක් ඉතිරිව ඇත...

හරිම අපූරුයි කවියක් යාළුවා..

May 29, 2011 at 2:43 AM

කපුගේ සහ මාලනී බුලත්සිංහල ගායනා කරන "බිරිඳ මගේ ඔබ" ගීතය මතක් උනා..පද පෙල එයට සමීපයි.දෙපැත්තකට යනවා උනත්...

May 29, 2011 at 7:09 AM

@ කල්හාර දිසානායක ,ගල්මල්-Coral ,Dinesh,මාරයාගේ හෝරාව
ගොඩක් ස්තූති හැමෝටම අදහස් ප්‍රකාශ කිරීම ගැන

May 29, 2011 at 9:35 PM

අන්තිමේදි ඉතිරි වෙන්නෙ දෙන්නට දෙන්න විතරයි තමයි.

May 30, 2011 at 8:11 PM

මෙහෙම ආදරයක අවසානය දෙන්නට දෙන්න විතරමයි. කොච්චර දූ දරුවන් හිටියත් අන්තිම කාලෙ තනියට ඉන්නෙ දෙන්නට දෙන්න විතරමයි. හරිම ලස්සනයි පදපෙල.

May 31, 2011 at 9:22 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්