(නො)තේරුම  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,





(නො)තේරුම

කප්පරක් පැතුම්
හීන කන්දක් පුරවගෙන
මහගෙදරත් උකස් කරලා
විස්ස විද්යාලේ යවපු ලොකු එකා
අත් කකුල් වෙලාගෙන ගෙදර ඇවිත්
පහ පාස් පොඩි මල්ලි සිමෙන්ති අනලා
ගත්තු සොච්චමත් හන්දියේ ඩිස්පෙන්සරියේ
කවුන්ටරේ මැද්දෙන් තිබ්බ
උන්ගේ අම්මා
දෙස් තියන
අප්පච්චිට මෙහෙම කිව්වා
කෑ නොගහ හිටියනම්
මයෙ පුතාට දැන් හොඳට පොස්ටෙර් අඳින්න පුලුවන්




This entry was posted on Thursday, January 20, 2011 at Thursday, January 20, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

2 දෙනෙක් ගේ අදහස්

කොතැන හෝ ඇති තේරුමේ නොතේරුම පැතිකඩක් සේ ගෙනහැර දක්වා ඇති මෙ පදපෙල ගැන වැඩියේ ලිවීමෙන් පදපෙලට හානියක් වේ දෝ චකිතයකි.

January 21, 2011 at 1:42 AM
Anonymous  

ඔව් ගල්මල් මහත්මයා හරි...මගේ සිතිවිලිත් නැවතුනා..

සුලා..

January 25, 2011 at 12:05 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්