සියුමැලි නොවුනු කලුගල්  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,


සිතට නොදැනෙන ඇසට නොපෙනෙන
අපේ ජීවිත ගැන කතා
වාරු ඇති තුරු දෑත රැක ගයි
ජීවිතේ පණ නල සදා

ජීවිතේ නපුරුයි රුදුයි
එනමුත් තැවෙන්නේ නෑ සදා
අවුකනත් කලුගලකි
කැටයම් කර නොබින්දා නම් එදා

හිරුගේ උනුසුම පුරුදු හිස මත
දුක රැදෙන්නේ නෑ සදා
නුඹේ මැදුරෙත් මගේ කදුලිනි
බිත්ති බැදුනේ පෙර එදා




This entry was posted on Thursday, January 13, 2011 at Thursday, January 13, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

1 දෙනෙක් ගේ අදහස්

යකුලු පහරින් බිඳිමි කලුගල්,
සොයුරනගෙ හෙට දින පතා,
කලුගලද මුදුවෙයන් හෙට දින,
දෑතෙ සවිබල දිය වෙනා,

January 15, 2011 at 3:08 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්