ලාභයි........ ජීවිතේ  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



යන එන උන්ගේ
කාසි කොළ වලින් 
හරි හරියට සෙල්ලම් කරන
මගේ ජීවිතේ....
උන් කේවල් කරන්නේ මගේ ජීවිතේ බව
උන් නොදන්න තරමටම
අල ළූනු ගෙඩියකින් මන්දිර තනන උන්ගේ හිත්වලට
මම සාප කරන් නෑ
දෑස නොදල්වා බලා ඉන්න තරමට
ගිරිය ගෙවෙනකම් කෑ ගහන තරමට
හිස් වෙන ගෝනි පඩංගුව වගේ
හිතේ කරදර හිස් වෙන් නෑ කියලා 
උන්ට නොතේරෙන බව මං දන්නවා




This entry was posted on Saturday, January 15, 2011 at Saturday, January 15, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

4 දෙනෙක් ගේ අදහස්

පොලේ පලක මිටි පොළවක
තැලෙන හිතට හෙට්ටු කරන
සුපිරි පොලක උස බංකුවක
හිත් නැති පොස් මට්ටු කරන

* පොස් - PoS-Point of Sales

January 17, 2011 at 8:38 AM
බන්දුල රුවන්පුර  

පොදු ජනයාට කවදත් රිසි සේ පිපෙන්න ඉඩ ලබා නොදුන්න පාලකයින්ගෙන් හෙබි ඉතිහාසයකට උරුමකම් කියනා අපේ මිනිස් සමාජය බුර බුරා නැගුණ ඔවුන්ගේ ශෝකාලාපයන් කෙලින්ම පුපුරවා හැරියේ එහෙමත් නැත්නම් මුදවා හැරියේ අක්‍රමත්ව හා අසංවිධානාත්මකව දියත් කල සමාජ අරගල හා විරෝධතා තුලින්..
අදටත් එය එසේමයි..

ඒ සමාජය තුල අද දවසේ හෙමින් නමුත් සක්‍රීයව හා දුර දක්නා නුවණින් උඩට ඉස්සෙමින් සිටිනා පුංචි පහන් තිරයක් ඔබ මල්ලියා..ඔය පහන් තිරය තව තවත් උඩ දැල්වීමට නම් ඇවැසි වන්නේ කලට වේලාවට ලැබිය යුතු තෙල් සාත්තුවයි...

මේ බ්ලොගය පුරා බැලූ බැලූ අත ඔබේ නිර්ව්‍යාජ සමාජ දැක්ම ඉහලින්ම උඩ මතුකොට ඇති බව මා මෙලෙස සහෝදර සෙනෙහසින් පවසමි..

ඔබට ජය මල්ලියා!!

January 22, 2011 at 10:55 PM

අයියල දෙන්නාටම ගොඩක් ස්තූති නිර්මාණය අගය කිරීම හා හැමදාමත් මාව දිරිමත් කිරීම ගැන.. ඉදිරියටත් ඔබලාගේ සහයෝගය මේ වගේම බලාපොරොත්තු වෙනවා

January 23, 2011 at 12:58 AM

කාසි කොල හා බලය ඇති උන්
ඒවා නැති අපගේ ජීවිත කේවල් කරන බැව්
අපිට දැන - තේරී . .
උන්ගේ කේවල් කිරිල්ලට එරෙහිව
පටි තවත් තද කරගෙන
උඩු ගං බලා පීන්නන්න
පටන් ගන්නා දවස තෙක්
උන් අපේ ජීවිත කේවල් කරයි . . .
අපි අපේ ජීවිත තුට්ටුවට දෙකට
උන් පය පාමුල පුද කරයි . . .
බඩගින්නේ වුව
අසාධාරණයට එරෙහි වෙන්න
කොඳු ඇට පෙලේ ඇට සවි වෙන තුරු
අපි හීන මවමු.

January 24, 2011 at 1:44 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්