අනේ බන් සෙනසුරු  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,


වෙද මාමගේ නළලේ රැළි ගානට
සීයේ කොළ එකතු කරලා
බුලත් කොළ මිටිය අස්සේ ගහලා
දෙයි හාමුදුරුවන්ට දුන්නු පගාවේ බලෙන්
කේන්දරේ පුරා කොටු පැන්න
සෙනසුරා.... මෙල්ල වෙලා ලූ...

අනේ බන් සෙනසුරු 
ජීවිතේ.. කාලෙකට මාව කොටු කරපු උඹ
මුළු ජීවිතේටම කොටු ගොඩකට 
කොටුවෙලා කියලා 
 තාමත් උඹට නොතේරෙන හැටි




This entry was posted on Sunday, January 23, 2011 at Sunday, January 23, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

7 දෙනෙක් ගේ අදහස්

එහෙනම් දෙයියොත් පගාව ගන්නව නේද Agentsලගෙ මාර්ගයෙන්.

January 23, 2011 at 10:14 AM

වෙන්ට පුලුවන් නේද මිත්‍රයා... ගොඩක් ස්තූති අදහස් ප්‍රකාශ කලාට

January 23, 2011 at 10:38 AM
Anonymous  

ඇත්ත..හෙනහුරා හිරවලා ඉඳගෙන කොරයි බම්බුව..!

හොඳ නිර්මානයක්..

සුලා..

January 24, 2011 at 2:28 PM

කවදත් වගේ වෙනස් පැත්තක් දකින නිර්මාණය උපරිමයි.

ඒ කොටුවලට පොඩි එකතුවක්:
පල අපල කෙසේ වෙතත් බොහෝ බර කර දරාගෙන මැදපෙරදිග ආ දා ඉඳන් සෙනසුරා පලමු කොටුවේ හින්දද මන්දා සිකුරා දුර ඈත කොටුවක. සතියේ කැලන්ඩරය එහෙමයි. බොහෝ බර දරන ජීවිත තම කොටුව වහන් කරගෙන තමන්ගේ අය වෙනුවෙන් කොටු හදන්නේත් ඒ වගේමයි කියලා හිතුනා.

January 24, 2011 at 4:16 PM

අලුත් අදහසක්. ලස්සන නිර්මාණයක්...

January 24, 2011 at 10:54 PM

ගොඩක් සිතූති හැමෝටම..........

January 27, 2011 at 7:54 PM

සෙනසුරාත් සාපේක්ෂයි
සල්ලි ඇති තැන බල ය පෙන්නනවා අඩුයි
සල්ලි නැති තැන බලය පෙන්වනවා වැඩියි
අපි වගේ තමා!

February 14, 2011 at 5:26 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්