රතු එළිය වැටෙන තුරු  

Posted by නුවන් තිලංග in , ,



රතු එළිය වැටෙන තුරු


දෝත පාමින් සිගමන් යදිමින්
බලා සිටිම් ඇසිපිය නොහෙළා
රතු එළිය වැටෙන තුරු

වමට දකුණට හරහට පහළට
ගිය මගේ ජිවිතය
නැවතී ඇත මෙසේ
සතර මං හංදියක

එපා රවා බලන්නට
සෙනෙහබර මහතුනේ
දිරාගිය මගේ ගතට
වෙන කුමක් කරන්නද?

පොඩි පුතා වැලිකඩ
ලොකු පුතා බෝගම්බර
උන්ගෙ පවුල් රකින්නට
දෝත පානෙම් ඔබට

මහලුව වැහැරුණත්
සරි කරම් කෙසේ හෝ
උන්ගේ කල දවස මා
වැටෙන තුරු හෙට දිනයේ

ජීවිතයේ රතු එළිය



පසු වදන - පසුගිය දිනෙක සවස මා කාර්යාලය නිමවා එන අතරමග බසයේ සිටින විට ඔරුගොඩ වත්ත හංදියේ විදුලි සංඥා පුවරුව අසල සිගමන් යදින මහලු මවකට සුවිසල් රථයක සිටි මහත්මයකු නින්දිත ලෙස බැන වදින අයුරු දුටු මගේ සිතේ ඇතිවු කවි සංකල්පනාව මෙසේ ලියන්නට සිත් විය.




This entry was posted on Thursday, January 13, 2011 at Thursday, January 13, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

3 දෙනෙක් ගේ අදහස්

ඔබ දුටු දේ හිතට දැනෙන්න පදකරලා තියෙන්නේ අපූරුවට. ඉන් පෙනෙන්නේ ඔබ මොනතරම් සමාජය හා ජීවත්වෙන වටාපිටාවට සංවේදී ද යන්නයි.

මේ පදපෙලත් සමඟ මගේ හිතට ආවේ සති ගානකට කලින් පලවූ පුවතකින් කියැවුන "හිඟන්නන් පුනරුත්තාපනය" ගැන අදහසක් ගැන. වචනය බරයි. කාලයෙන් කාලයට විශේෂයෙන් සමුළු, රාජ්‍ය අමුත්තෝ එන කාලයේ නගරය ලස්සන කරන්න සිඟන අය අල්ලා දුර බැහැරකට පැටවීම කරන දෙයක්. මෙය පිටරටවලද සිදුවන්නක්.

පදපෙලෙන් ඉස්මතුකරන මහළු කත සිඟන්නේ ඇයට විතරද? එවන් කතක් අරකී ලෙස බැහැරකට පිටත් කර "සිඟන්නිය" හංඟන්න පුලුවන්, ඒත් සිඟමනට හේතුවූ කාරනය හංඟන්න පුලුවන්ද?

January 26, 2011 at 10:46 PM
This comment has been removed by the author.
August 22, 2011 at 4:09 PM

ඹයාගේ දිරිගැන්විමට ගොඩාක් ස්තුතියි අයියා

August 22, 2011 at 4:11 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්