"යන්තරේ"  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



ගත බදු දී.. මුදල් හොයන
යන්තරයක් කොටු කරගෙන
රාලහාමි මහ හයියෙන්
මොර දෙනවා පුප්පාගෙන.......
පර බැල්ලියේ වනචාරියේ
අඬු කඩනවා උඹගේ අද

හිනා වෙවී හඬනා උඹේ හිත පේනවා යස අගේට
කාකි ඇඳුම් උණු වෙන් නෑ කඳුළු බිංදු උණු උනාට
මොණර කොළෙන් තේ උගුරෙන් දඩේ වහන උන්ගේ හිතට
උඹේ කඳුළු බර වැඩි නෑ ඒ මහ හිත් යට කරන්න

අතේ මිටේ කාසි පනම්
අතට පයට දැසි දස්සන්
හිටියා නම් අනේ ඉතින්
ඔය යන්තරේ ලොක් කරගෙන
පෝය හතර පන්සලේම
උඹ ඉඳීවි යස අගේට.......




This entry was posted on Monday, January 17, 2011 at Monday, January 17, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

1 දෙනෙක් ගේ අදහස්

මේ පැත්තට ආවෙ නම් ගල්මල් අඩවියෙන් කල ආරාධනයකින්. කියවන්න ගොඩාක් තියෙනවා.

සමාජය තැනූ යන්තරය ගැන වෙනස් විදියට බලලා තියෙන්නේ. හිතන්න බෝමයි.

January 17, 2011 at 11:37 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්