තුරු සිසිල  

Posted by නුවන් තිලංග in , ,



තුරුලතා නැලවෙමින් අතුපතර         සොලවමින්
සුරකිමින් අපගේ පණ සුසුම් වැල්        සනසමින්
අතු මගින් එකිනෙකට සිනිදු සුව       ගෙනදෙමින්
සදා ඔබ සුව ගෙනේ දැවුණු ගත            සනසමින්

බුදු නෙතින් පුද ලැබූ ඔබේ රූ            ලෙසින්නේ
දෙනෝදාහක් අතින් නිතර පුද             ලබන්නේ
බැතිබර සිත් සමග සසර සැරි                සරන්නේ
නමුත් ඔබේ ජිවිතය නිතර සිඳ              දමන්නේ

ඔබ ලබන පල වැලය අප නිතර           බුදින්නේ
ඔබේ සෝ සුසුම් වැල් අපේ හද           රකින්නේ
ඔබෙ සෙවණ ලබන විට ගතට සුව ගෙනෙන්නේ
අප ඔබට ණය ගැතිය සසර දිවි           ගමන්නේ

1993 මාර්තු මස තර්ස්ටන් විද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද සියපත සගරාවේ මගේ නමින් පලකරන ලද කව් පන්තියකි.




This entry was posted on Saturday, January 15, 2011 at Saturday, January 15, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

1 දෙනෙක් ගේ අදහස්

කවි සිත දකින දසුන කවදත් "කාලෝචිතයි" කියලා සිතුනා සටහන කියවා.

නුවන් මල්ලී, ඔබේ පන්හිඳෙන් මතුකරනු මැන තව තවත් හරබර කවි බුබුලු.

January 17, 2011 at 8:22 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්