නුතන බොළඳ ආදරවන්තයාගේ කවි පොතින්  

Posted by නුවන් තිලංග in , ,



මුහුණු පොතේ ඇතිවනතුරු Comments දමන්නම්
Phone එකෙන් එළි වෙනතුරු මලක් කඩන්නම්
Ear Phone කනේ ගසා සිංදු අහන්නම්
Park එකේ කොනකට වී මුකුලු කරන්නම්

MC එකේ උදේ ඉඳන් Shopping කරන්නම්
KFC Chicken කකා ලඟින්ම ඉන්නම්
කොණ්ඩේ හදලා Color කරන් හැඩ වැඩ වෙන්නම්
Denim ඇඳලා tattoo එකක් අතේ කොටන්නම්

කනක් විදලා Ring එකකුත් හැඩට දමන්නම්
Valentine දවසට රතු මලක් එවන්නම්
එකී මෙකී හැම දෙයක්ම ඔබට පුදන්නම්
ආදරියේ කැමැත්ත ඔබෙ මටම ලැබේ නම්




This entry was posted on Friday, January 21, 2011 at Friday, January 21, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

2 දෙනෙක් ගේ අදහස්

කාලයේ මොස්තරයෙන් හැඩ ගැන්වූ පාවහන් යුගලක බැස පදපෙල උපරිමයෙන් වින්ඳෙමි.

January 22, 2011 at 6:45 PM

ස්තුතියි අයියේ.එදිනෙදා අපේ නෙත ගැටෙන නුතන පෙම්වතුන් දිහා දුටු ව්ට මේ සිතුව්ල්ල ඇති වුනේ

January 22, 2011 at 7:48 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්