"පිස්සෙක්"  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,


වෙනදා වගේම
රේල් පාරේ කෙළවරක...
යන එන උන්ට හිනා වෙවී
උඹ උන්නා
වෙලාවකට ඇඬුවා .. කෑ ගැහුවා........
පන්සලේ මුල් පුටු..... නිල බෞද්ධයෝ
උඹව පහු කලේ බොහොම බයෙන්
බුදුන්ගේ කරුණාව
උන්ගේ බණ පොත් වලින් මග ඇරිල.
වෙනදා වගේම හිතේ කහටක් නැතුව උඹ මට හිනා උනා
අඳුරගෙනද මන්දා හූවකුත් කිව්වා
"පිස්සෙක්" පාරේ ගිය උත්තමයෙක් කිව්වා
"කව්ද..." මං ඒ උත්තමයගෙන් ඇහුවා
"තව එකෙක්"
උත්තමයා එහෙම කියලා නොපෙනී ගියා
මං තවම කල්පනා කරනවා
කව්ද.... පිස්සා




This entry was posted on Saturday, January 15, 2011 at Saturday, January 15, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

2 දෙනෙක් ගේ අදහස්

හිතට හුරු පදපෙලක් "මුරගල" සෙවනක! හදිස්සියේ දුටු නිසා හොයාගෙන ආවේ. දැන් යනවා... පසුව එන්නම්.

බොහෝම සන්තෝසයි මේ පියවර දකින්න. තුන්කට්ටුවටම සුභ පැතුම්!

(Word Verification අයින් කලානම් කොමන්ට් කරන අයට පහසුවේවි)

January 15, 2011 at 7:53 PM

බොහෝම ස්තූති සහෝදරයා Word Verification අයින් කළා

January 15, 2011 at 8:07 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්