ජීවිතයේ කතාව  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,


බැරි බර කරෙන් ගෙන යන දින පැය අතර
අපෙ දුක රැදෙයි ලෝකය නොදකින තැනක
දහඩිය සුවඳ නොදැනෙන නුපුරුදු හිතට
අපෙ දුක දුරයි නොමියෙන මිනිසත් හිතට

වේලක් නොකා තව වේලක රස බලන
පොඩි උන් නිදයි මොර දෙයි හිස් කුස් නිතර
ඇකයෙන් උරා බොන රුධිරය නැති කලක
අහසින් වැටෙන දිය බිඳු සරණයි උන්ට

වීදි බසිති දාස් ගනන් පඩි ගන්නෝ
වැඩත් වරති ලොකු ලොකු තැන් වල ඇත්තෝ
මාසේ අගට පඩි පත ගෙන ඒ උතුමෝ
කෝලම් නටති සල්පිල් වල ඒ ඇත්තෝ




This entry was posted on Thursday, June 02, 2011 at Thursday, June 02, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

7 දෙනෙක් ගේ අදහස්

This comment has been removed by the author.
June 2, 2011 at 9:35 PM

සැබැව ඔක තාමා..

June 3, 2011 at 12:08 AM
Anonymous  

හ්ම්...සැබැ අර්තයක්.. එත් මොනා කරන්නද ...ඕක ජිවිතයේ වැරද්දම නෙමේ..මුල් අඩිතාලමේ වැරද්ද...කෙනෙක් යම්කිසි අරමුණක හිටියා නම් එ මුල දිගේම ගමන් කලා නම් අද මේවැනි වැරද්දක් වෙන කෙනෙකු ගැන අහිතක් නොකියා ඉන්න පුලුවන් කම තිබ්බා..අපි මේ කෙනාට පව් ..අනේ කරුමේ කියන්න ගියොත් එතන එ දේම පල් වෙනවා මිසක් එකේ ඇතුල් පැත්ත දිහාත් බැලුවොත් සමහරවිට දුප්පත් පියෙක් ගේ පුතෙක් ඉගෙන නොගෙන රස්තියාදු ගසමින් ගත කරපු කාලයට ඔහුට මෙය සිදු වෙන්න තිබ්බා....නැත්නම් ඉගෙන ගෙන රස්සාවක් නොලැබ්..

ඇත්තටම මට මේ කවියේ දිග පලල මනින්නට වුවමනා නැහැ..කවිය නම් අපුරුයි සහෝ... මේක මගේ හුදෙක් අදහසක් පමණයි

June 3, 2011 at 5:45 AM

එක එක් කෙනාට අදින්නට වෙන ජීවිත බර වෙනස්. ඒ දේ අපි ගෙනෙන කර්ම ශක්තිය අනුව තීරණය වෙනව කියල මට හිතෙනවා. කවදත් වගේ ලස්සන නිර්මාණයක් මල්ලි.

June 3, 2011 at 5:40 PM

අර්තවත් ලස්සන අදහසක්

June 3, 2011 at 8:11 PM

ඔවුන් දහසක් බලාපොරොත්තු කරපින්නා ගෙන රජුන් තනති. ඔවුනට කාරිය ඉටුකරන්න පත් වූ එවුන් ද එමට වෙති. ඔවුනට ලැබෙන සේවය උදෙසා රජුන් ද කාරිය කරන උදවිය ද නඩත්තු කිරීම ඔවුනට පැවරෙන්නේ නිතැතින්ම. එනිසා ඒ දෙපිරිස ලබා දෙන සේවය කෙසේ වෙතත් එවුන්ගේ පැවැත්ම හා සුබසාධනය ඔවුන්ගේ කරපිටය. කවුරු විරාමයක් ගත්ත ද ඔවුනට ඒ බර බිම තබන්න වරමක් නැති බැවින් ඇද්දෝය, අදින්නෝය, ඉදිරියටත් අදින්නේ ඔවුන්ම වන්නේය.

බැරි බර අදින්නෝ බොහෝය, ස්වරූපය විතරයි වෙනස. පදපෙල අපූරුයි.

(කොමන්ට් කිරීමේ ප්‍රශ්ණය නිසා ලියන්න බැරිව හිටියා)

June 5, 2011 at 11:59 AM

කතාව ඇත්ත.

June 8, 2011 at 4:23 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්