දේව පරාජය  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



මුරුගසන් වැසි දෙගොඩ නොතලන
දවස වැඩ සිටි දේවතාවුන්
ඉවුරු පෙරලන් ගොඩ ගලන කල
තව්තිසාවට වෙලා පිටමං

උදේ හවසට නුඹට පුද දුන්
පහන් පැල ඉදිරී වැටෙත්දිත්
කෝටියක් තිස් දෙවිඳු නිදිවැද
කලේ උන් හට මහා සරදම්

කදුළු දැක දැක නැවත නැගිටින
උන්ගේ ලෝකේ වෙලා වල්මත් 
ගෙපැල මුල්ගල තබන දවසක
නුඹට වෙන් වෙද එබිම පහනක්




This entry was posted on Wednesday, February 16, 2011 at Wednesday, February 16, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

3 දෙනෙක් ගේ අදහස්

හැම ප්‍රශ්නයක්ම මිනිසුන් වන අපටමනෙ?

February 17, 2011 at 12:01 AM

ලෝක සොබාවෙ නෙ. ගනං ගන්ට එපා. . . .

February 17, 2011 at 12:17 AM

හිෂාන් සහ බූරු පුතාට බොහෝම ස්තූති අදහස් ප්‍රකාශ කලාට

February 17, 2011 at 3:15 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්