දන්සැල  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



ගලනා නාද අත්පොලසන් හඬ මැද්දේ
මන්ත්‍රී දොඩයි දන්සැල් දොරකඩ මැද්දේ
සැමදා පිරෙන කුස් පුරවන මහ දානේ
බත් පත බෙදෙයි උතුමන් ලඟ කොත් පෑදේ

හිරකොට ගවුම් ඩෙනිමෙන් මුල් තැන පේලි
පෝලිම දිවෙයි සැතපුම් කණු පෙළ යාවී
පෝලිම කොණක වැට මුල්ලක ගත වේලී
දුගියෙක් විකයි දත්මිටි සුවඳට පේවී




This entry was posted on Wednesday, February 02, 2011 at Wednesday, February 02, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

5 දෙනෙක් ගේ අදහස්

සැලෙනා හඩට කුස පුරවන බත් පතට
ජන්දය දුන්න කාලය ඉවරයි නොවෙද
ගලනා කඳුළු දුක් වටිනා අය නොමැත
කොයි කවුරුත් එකයි පැරදුනෙ අප නොවෙද

February 2, 2011 10:54 PM

හැමදාමත් අන්තිමට දුක් විඳින එකා පැරදි ස්තූති සොඳුරු සිත

February 4, 2011 6:49 PM

බෙදන්නට හැන්ද අතැති කල
බෙදාගනු මිස ආමිෂ රස කල
පෝලිමේ විත් පින් දෙන කල
උනට බෙදන්නට ඇයි කලබල

February 5, 2011 1:04 AM

ඇයි ඉතින් අපේ අය දානේ වුනත් කොළඹ 7 පන්සලට දෙන්නනේ දිනයක් ගන්න පොර කන්නේ - කරුවලගස්වැව ඈත කැලේ තනියම වැඩ හිදින හාමුදුරුවන්ට දානෙත් නැ- උන්නාන්සෙම උයාගෙන වලදනවා!
ඔන්න අපේ හැටි
අපුරුයි පද ටික!

February 14, 2011 5:31 PM

ඩීන් අයියට සහ සෙනේ අයියට බොහෝම ස්තූති අදහස් ප්‍රකාශ කලාට

February 17, 2011 10:08 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්