මාවතේ අපි  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,




තනා ගත් පැල දිරා ගොස් ඇත
මාවතේ අපි සොයමු ඉඩ කඩ
උපන් මිනිසුන් මියෙන ලොව තුල
මග බලාගෙන හිඳිනු කුමටද


ලෙයින් උපනත් ලෙයම පෙවුනත්
ලොවේ බැමි නැත තදට බැඳුනේ
මහා මන්දිර පුතුන් තැනුවත්
මැදුර තුල නැත සෙවන ලැබුනේ


නැගී එන හිරු ගිලී යන තුරු
ඉඳින් මැණිකේ මගේ තනියට
මාවතේ මිය ඇදෙන දවසට
යමුද මැණිකේ මගේ තනියට




This entry was posted on Tuesday, November 22, 2011 at Tuesday, November 22, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

1 දෙනෙක් ගේ අදහස්

කාලය ගෙවිලා අපිටත් රහසින් සොදුරේ
වියපත් වෙලා අපි දෑන් ඒත් තුරුණුයි ආදරේ
නෑහෑ දුකක් මේ හිතට සෑබෑ කලා නුඹෙ හීනේ
නික්මෙමු අපි එකට හමු වන්නට මතු සසරේ...

November 23, 2011 at 2:38 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්