අපිත් බුදුන් වඳිනවා  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



තමා හිසට තමන්ගෙ අත නැති දවසුත් තියනවා
ලබා උපන් හැටි කියමින් දේව පැතුම් පතනවා
මනුස්සකම රන් කහවනු ලගදි දෙකට නැවෙනවා
පින් කරන්න දැන් දෙයියොත්  මාසෙ පඩිය බලනවා

මහ පාරේ වීදි පුරා කඩවල පින් තියනවා
අත බර අය සදලුතලෙන් බැසවිත් පින් ගන්නවා
තව්තිසාවෙ බැංකුවෙ අය ඒ පින් කඳ මනිනවා
අතේ සතේ නැති එකාට දෙයියෝ අහක බලනවා

අපේ හිතෙත් උසම තැනක පසේ බුදුන් ඉන්නවා
මල් පුදන්න තැනක් නැතත් හිතේ පැතුම් තියනවා
කුසේ ගින්න මරා ගන්න දවස අපෙත් ගෙවෙනවා
අතේ සතේ නැතත් පුතේ අපිත් බුදුන් වඳිනවා




This entry was posted on Friday, January 27, 2012 at Friday, January 27, 2012 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

2 දෙනෙක් ගේ අදහස්

මේක දැක්කහම හරියට දුක හිතුනා. මල්ලී සසර ගමනේ නවාතැන් ගෙන සිටින අපි මෙන්න මෙහෙමයි පින් රැස් කලේ කියල අත්තම්මා කියල දෙනව නේද?

January 27, 2012 11:03 PM

අදයි සෙට් වුනේ බ්ලොග් එක... සිත් ආරත් ඔයාගෙද??

February 5, 2012 10:14 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්