කළු පාට සොබාදහම  

Posted by නලිනි චන්දිමා in , ,

පිදුම: කුණාටුවට හසුව බිම වැටුණු තුරුණු පතට

නපුරු වෙසින් කළු කරගෙන
ගොරවා ලොව බය කරගෙන
අහස ඉරා කඩා හැලෙන
මහ වැස්සට

වියළුණු පත් බිම වැටුණට
දිරූ කඳන් බිම වැටුණට
නොසැලෙයි කිසිවෙක් කිසිවිට
විය යුත්තක් සේ

තුරුණු සුනිල පතක් වුණොත්
මහ රූස්ස ගසක් වුණොත්
දැරිය නොහැක දසුන වුවත්
හද රිදවයි


දුටුවත් සිත පිළි නොගන්න
එරෙහිව යන්නට වෙහෙසෙන
බැරි වුණු කල හද පෑරෙන

සොබා දහම




This entry was posted on Wednesday, May 25, 2011 at Wednesday, May 25, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

5 දෙනෙක් ගේ අදහස්

වෙනස් කරන්න බැරි, වෙනස් කලොත් මහා විනාශයක් වෙන එකම දේ ....

May 26, 2011 at 12:49 AM

මහා වැස්සක් නොසිතුව මොහොතක
පරිසරයම කළුකරගෙන වැටෙන
අදුරු කලත් සුන්දර සොභාදම මොහොතකට
ඒ අදුරේ සොදුරු බව විදින්නෙම් මම තනියම..

May 26, 2011 at 1:46 AM

@ කල්හාර දිසානායක: ඔව්, සොබාදහම නමැති මහ වැස්සට හසුව ජීවිතය නමැති ගසින් ගිලිහෙන පත් ගැන හැඬුවාට, අපට වෙනස් කරන්න බැහැනෙ. බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.

@ ඇත්ත, අඳුරෙහිත් සුන්දරත්වය දැකිය හැකි තරමට අප සංවේදී වේනම් ජීවිතය එතරම් අපහසු නොවේ. බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.

May 26, 2011 at 7:51 PM

ගස ද සොබාදහමට අයිතිය. ගස වඩන, රකින සොබාදහමේ අව්වේ, වැස්සේ පීඩාවෙන් බේරෙන්න ගසේ සෙවනම පතන්නෙමු. ඒ සොබාදහම රකින්නේ ද නෙලන්නේ ද තම අභිරුචිය පරිදි. දළු, කොළ, පැහුණු අතු-ඉති, මල්, පල කොතරම් සිත් ගත්ත ද අපට අයිති ද? අපිට වෙනස් කරන්න බැරි නෙලීම ඉදිරියේ හැම යටපත් වෙනවා නේද?

බොහෝම සීරුවෙන් කල පදගැලපුමක්. මුල් පෝස්ට් එකේ දී වගේම මේ පොස්ට් එකේ දී ද සටහනත් කොළයක්, සුලඟට හසුවූ කොළයක්ම විය.

May 27, 2011 at 1:53 AM

ඔව් ඩීන් අය්යා, මට කියන්න ඕන වුණු දේ ඔයා ලස්සනට පැහැදිලි කරලා.
සුළඟට හසු වුණාට කමක් නැහැ. කොළය කොළයක්මනෙ.

බොහොම ස්තුතියි.

May 28, 2011 at 12:30 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්