සිරිදාස මලේ හදිස්සියෙ...
සිකුරාදා දවසක පාන්දර බලද්දි නින්දෙන්ම සිරිදාස පරලොව ගිහිල්ලා තිබුනා.... සිරිදාසත් ඒ බව දැනගත්තෙ තමුන්ගෙ මිනිය බදාගෙන ගෙදර උන්දලා අඬනවා දැක්ක වෙලේ. සිරිදාස ඒ වෙනකොට වහලේ යටලීයටකට වෙලා තමුන්ගෙ සරීරෙ දිහා බලාගෙන නයා නැතිවුන අහිගුණ්ඨිකයා වගේ මොනා කරන්නද කියලා හිත හිත හිටියෙ.
ජීවිතේ කවමදාවත් තිබ්බට පාවිච්චි නොකරපු සිරිදාසගේ මොලේ ඒ මේ අත හරව හරව කල්පනා කලත් වුනේ මොකක්ද කියලා සිරිදාසට තේරුම් ගන්ඩ බැරි උනා. තේරුන එකම දේ තමන් මැරිලා කියන එක සිරිදසට තේරුනත් ඒක ඇත්තක්ය කියලා හිතන්න සිරිදාස කැමති උනේ නෑ. මොනා උනත් සිරිදාස ලාවට වගේ අත කොනිත්තල බැලුවා මේක හීනයක්ද කියලා.
"ඌයි "
සිරිදාසට රිදුනත් හීනෙන් ඇහැරුනේ නෑ.
" මැරිලම තමයි "
සිරිදස තමුන්ටම කියාගත්තේ හිරකරගෙන හිටපු මහා දුකක් පිටකරගෙන . ඒත් එක්කම කන ගාවින් තවත් කටහඬක් මතු උනා
" මොකෝ හීනයක්ද කියලා බලනවද "
සිරිදාස ගැස්සිලා ඒ සද්දෙ ආව දිහා බැලුවා ටිකක් අමුතු විදියට ඇදගත්ත මනුස්සයෙක් තමුන් දිහා බලාගෙන හිනාවෙනවා . තරු , පටි , පිත්තල පාට බොත්තං . පොඩි තොප්පියකුත් දාගෙන පොඩ්ඩක් විතර පොලිස් කාරයෙක් වගේ .
" දැන් ඉතිං කල්පනා කරලා වැඩක් නෑ ... මැරිලම තමයි .. හත් දවස , තුන්මාසෙ , වැඩිම උනොත් අවුරුද්ද ඉන් පස්සෙ තමුසෙ ගැන තමුසෙටවත් මතකයක් නෑ . "
අමුත්තා දිගටම කතාව .. සිරිදාස කට ඇරගෙන ඔහේ ඒවා අහගෙන ඉන්නවා.
" ඔහේ කවුද " අන්තිමේදි සිරිදාස අමුත්තගෙන් ඇහුවා.
" මම .. මම තමයි තමුන් මලාට පස්සෙ යන තැනට එක්ක යන්නේ "
" මොකක් " සිරිදාසට උගුර කට වේලුන ගතියක් දැනුනා.
" ඒ කියන්නෙ දිව්‍ය ලෝකෙද "
" හහ් හහ් හා හඃ " අමුත්තා මහ හඩින් හිනා උනා
" ඒකනම් කියන්න බෑ ගොයියෝ ඒකට සිස්ටම් එක බලන්න වෙනවා "
" සිස්ටම් එක ඒ මොකක්ද ඒ " සිරිදාස ආයෙම සැරයක් කට ඇරගත්තා.
" සිස්ටම් එක කියන්නෙ ඔහෙලගෙ විස්තර තියන තැන. කලින් නම් තිබ්බෙ පොතක් ඒක කරදරයි කියලා ලොක්කා ඔක්කොම කොම්පියුටරයිස් කලා . දැන් එකවර 100ක් ආවත් පට් පට් ගාලා විස්තර ටික බලලා ටිකට් එක දෙනවා ."
" මොකක් ඒ කියන්නෙ දිව්‍ය ලොකේ දැන් කොම්පියුටර් කරලද "
" මන් දැන් කලිනුත් කිව්වනේ මනුස්සයෝ ඒ දිව්‍ය ලෝකෙ නෙවෙ එතනින් තමයි තමුන් යන්නෙ දිව්‍ය ලොකේ ද අපායටද කියලා විස්තර දෙන්නෙ. හරියටම කියනවනම් එතන තමයි ' ලෝක හුවමාරු මධ්‍යස්ථානය' තේරුනාද "
සිරිදාසට තමුන්ව නිකං කරකවලා අත ඇරපු බබරයක් කියලා හිතෙන තරමට මොලේ විකාර වෙලා . අන්තිමේදි ඇඩුම් හඩකින් සිරිදාස ආයෙම තමුන්ගේ කට හඩ අවදි කලා
" මේ බුදු අයියේ ඇත්තටම මං මැරිලද බං "
අමුත්තා බොහොම අනුකම්පාවෙන් සිරිදාස දිහා බැලුවා
" ඔව් ලොක්කෝ හරියටම කියනවනම් පාන්දර 3.20 හදිසි පපුවෙ අමාරුවකින් තමුන් මැරුනා. මට එස්. එම් .එස් ඇලර්ට් එක ආව ගමන් මන් මේ ආවෙ . දැන් ඉතින් මෙතන හිටියා ඇති පරක්කු උනා දැන් යමු "
" කොහොමද යන්නේ "
" මගෙ අතිං අල්ලගන්නවකො "
සිරිදාස අමුත්තගේ අතිං අල්ලගත්තා. අමුත්තා තමුන්ගේ අතේ තිබුන ඔරලෝසුවක් වගේ එකක් මොන මොනවද කලා
"දැන් හරි "
අමුත්තා එහෙම කිව්ව ගමන් සිරිදාසට නිකං ඇස් දෙක පියවෙනවා වගෙත් තමුන්ව පාවෙලා යනවා වගෙත් දැනුනා . ඇස් ඇරලා බලනකොට සිරිදාස උන්නේ මහ විසාල ගොඩනැගිල්ලක් ලග . සිරිදාසට එකපාර මතක් උනේ ඇමරිකාවෙ ධවල මන්දිරේ
තමුන් එක්ක ආව අමුත්තා මන්දිරේ දිහාට යනවා දැක්ක සිරිදාස අමුත්තා ලගට දුවලා ගියා.
" මේ ඇමරිකාවද අයියේ "
" පිස්සුද හලො කට වහං එනවා මං පිටිපස්සෙන් "
සිරිදාසත් කට වහගෙන අමුත්තා පස්සෙන් වැටුනා .. මන්දිරේ දොර ලග ආරක්ශාවට ඉන්න කෙනා ලග අමුත්තා නතර උනා .
" අදත් වැඩ වගේ "
දොරටුපාල අමුත්තා එක්ක කතාවක් සිරිදාසත් හතර අතට ඇස් කරකව කරකව වෙන දේවල් දිහා බලන් ඉන්නවා.
" ඔව් අදත් වැඩ මෙයාගෙ ටිකට් එක දෙන්ඩ යනවා ගිහින් එන්නම්කෝ "
දොරටුපාලගෙන් සමු ගත්ත අමුත්තා මන්දිරේ ඇතුලට ඇවිදගෙන ගියා සිරිදාසත් වලිගේ වගෙ පස්සෙන් වැටුනා. ඒ මන්දිරේ බොහොම කාර්ය බහුලයි . ඉන්න හැම කෙනාම බොහොම උනන්දුවෙන් වැඩ. කොරිඩෝවක් පහු කරගෙන ඇවිදගෙන ආව සිරිදාසල කවුන්ටරයක් වගේ තැනක නතර උනා. බොහොම හැඩට ඇදගත්ත ගෑනු දරුවෙක් එතන වැඩ. තුන් හතර දෙනෙක් පෝලිමේ
" කවුද බං අයියේ ඒ "
සිරිදාස කට කනේ තියාගෙන අමුත්තා දිහාට හැරුනා
" නොදකින් විතරක් මලාට පස්සෙවත් ටිකක් සංවර වෙයංකෝ . තියන ලකුනු ටිකත් කපා ගන්නේ නැතුව ඔතනින් ෆෝර්ම් එකක් අරන් පුරවලා දෙනවා එතකොට තමුන්ගෙ විස්තර බලලා තමුන් යන තැන දැනුම් දෙයි "
අමුත්තාගේ කතාවට ඔලුව වනපු සිරිදාස කවුන්ටරේ පැත්තට හැරුනා.. පෝලිමේ තුන් හතර දෙනෙක් හිටියත් සිරිදාස කෙලින්ම නතර උනේ . කවුන්ටරේ මුල . කවුන්ටරේ හිටපු ගෑණු ලමයා හිනාවෙලා සිරිදාස දිහා බැලුවා.
" මහත්තයා ලංකාවෙන් නේද "
" ඔව් කොහොමද දැනගත්තේ "
" පෝලිමේ තුන් දෙනෙක් ඉද්දිත් පෝලිම පැනලා ආව නිසා "
ගෑණු ලමයා හිනාවෙලා කිව්වා ලැජ්ජාව සාක්කුවට දාගත්ත සිරිදාස පෝලිමේ කොනට ආවා. කොහොමෙන් හරි ෆෝර්ම් එක අරගත්ත සිරිදාස තමුන් එක්ක ආව අමුත්තා කොහෙද කියලා හොයන්න ගත්තා. අමුත්තා ඒ වෙනකොටත් පුටුවක ඉදගෙන සිරිදාස දිහා බලාගෙන ඉන්නවා. සිරිදාස කෙලින්ම නැවතුනේ අමුත්තා ලඟ.
" පටන් ගන්නකොටම ගම කා ගත්තා නේද. දැන් ඉතිං කමක් නෑ ඕක ඉක්මනට පුරවනවකෝ "
සිරිදාස තමුන් අතේ තියන කොලේ අරන් පුරවන්ඩ පටන් ගත්තා
විස්තර ටික පුරවගෙන ගිය සිරිදාස අමුත්තා දිහාවට හැරුනා
"දැන් මේකෙ කරපු පින් ලියන්නේ මොන තැනද . මේකෙ ආගම මොකක්ද කියලා විතරනේ තියෙන්නෙ "
" පිං " හහ් හහ් හා..... අමුත්තා ආයෙමත් හිනාවෙන්න පටන් ගත්තා
" මොන පින් ද "
" ඇයි දාන දුන්න ඒවා , පන්සල් වලට ගියපුවා, පෝයට සිල් ගත්ත ඒවා ,"
"ආ ඒවා පින් ද ... , හහ් හහ් හා... එතකොට කියනවා බලන්න තමුන් ඔය ජීවත් වෙලා හිටපු කාලෙ තවත් මිනිහෙක්ට ජීවත් වෙන විදියෙ දේකට කරපු උදව්වක් . එහෙමත් නැත්තං අඩු ගානෙ තවත් මිනිහෙක්ට ජීවිතේ එපා නොකර හිටියද "
සිරිදාස ආයෙමත් බිම බලා ගත්තා
" කට වහන් ඕකෙ තියන ටික පුරවනවා "
" එතකොට මෙතෙන්ට හැම රටකින්ම හැම ආගමකින්ම මිනිස්සු එනවද "
" ඔව් හැම රටකින්ම හැම ආගමකින්ම එනවා .. ආගමයි රටයි අපි බලන්නේ ඔය ෆෝර්ම් එක පුරවන්ඩ විතරයි. ඒකත් සිස්ටම් එක දැම්මට පස්සෙ. "
" එතකොට අපි කරන පිං බලන්නෙ නැද්ද "
" මේකනේ ගොයියෝ ඔය මනුස්ස ලෝකෙ අය ගොඩක් පින් කියලා හිතාගෙන කරන දේවල් පින් කියන ගොඩට වැටෙන් නෑ කොටින්ම කියනවනම් ඔයාල පින් කියලා හිතන ඒවා පින් පව් මනින ලිස්ට් වල පහලටම වෙන්න එකක් දෙකක් තිබ්බට අනික් ඒවා පැත්ත පලාතකවත් නෑ"
" යකෝ මේක මාර වැඩක් නේ "
" මෙතෙන්ට ආව හැම කෙනාම ඔය ෆෝර්ම් එක අතට අරන් කියනේ ඕක තමයි"
"හරි හරි ඕක පුරවලා දෙනවකෝ. ඉක්මන් කරලා "
සිරිදාස ආයෙමත් ෆෝර්ම් එක පුරවන්න පටන් ගත්තා. අමුත්තා ඒ අතරේ නැගිටලා කොහෙටදෝ යන්න ගියා . ෆෝර්ම් එක පුරවපු සිරිදාස කවුන්ටරේට ඒක බාරදීලා ආයෙම තමුන් හිටපු තැනට ආවා.
විනාඩි කිහිපයකට පස්සෙ අමුත්තා කොලේකුත් අරගෙන සිරිදාස හිටපු තැනට ආවා.
" හා ඔන්න යන්න ඕන තැන ඇවිත් තියනවා "
"කොහෙටද දිව්‍ය ලෝකෙ නේද "
" ම්හු කොරන්න දෙයක් නෑ ලොක්කෝ සිස්ටම් එකේ හැටියට අපාය තමයි සිලෙක්ට් වෙලා තියෙන්නෙ "
" මොකා .. ඒක වෙන්නෙ කොහොමද මං කොච්චරක් දාන දීලා ඇද්ද . හැම පෝයටම සිල් ගත්තා , වෙසක් පෝයට , පන්සලේ ආධාර පත්තර කීයක් නම් සම්මාදම් උනාද . ලොකු හාමුදුරුවෝ මට හැමදාම කිව්වෙ මං උපදින්නේ දිව්‍ය ලෝකෙ කියලා. "
" මං දැන් එකපාරක් කිව්වනේ ඔහේලා හිතන ක්‍රමේට නෙවෙ මෙහෙ වැඩ කරන්නෙ කියලා.. දැන් ඉතිං කරන්න දෙයක් නෑ යමු.. "
" අනේ අයියේ මේක කොම්පියුටර් ජිල්මාට් එකක් වෙන්න බැරිද "
" මේ..... මගෙන් මොකුත් නාහ එනවා මගෙ පස්සෙන් "
බිම බලාගත්ත සිරිදාස ආයෙම අමුත්තාගේ පස්සෙන් වැටුනා..
ටික දුරක් ඇවිදගෙන ආව අමුත්තා ලොකු දොරක් ලග නැවතුනා එතන පහලට ඊතලයක් ගහලා තිබුනා
"මේ මොකක්ද මේ "
" මේක තමයි අපායට යන ලිෆ්ට් එක "
අමුත්තා පහලට තිබුන බොත්තමක් තද කලාම ලිෆ්ට් එකේ දොර ඇරුනා
"යමු " අමුත්තා ඉස්සර උනා සිරිදාසත් පස්සෙන් වැටුනා ඇතුලට ගිය අමුත්තා පහලටම වෙන්න තිබුන බොත්තම තද කලා ලිෆ්ට් එක හෙමින් පහලට යන්න ගත්තා.
" අනේ අයියේ උන් මට වද දෙයිද අයියේ .."
" කවුද "
"යම රජ්ජුරුවෝ "
" දැන් යම රජ්ජුරුවෝ කියලා කෙනෙක් නෑ බන් දැන් ඉන්නෙ සභාපති කෙනෙක් "
" මොකා"
" ඔව් .. රජ පාලනය උඹලගේ රටට වගේම මෙහෙටත් හරි ගියේ නෑ අන්තිමට සභාපති කෙනෙක් පත් කලා නිල කාලය අවුරුදු 5යි දැන් ඉන්න මනුස්සයනම් හොදයි."
"එතකොට යම පල්ලෝ උන් වසයිද "
" යම පල්ලෝ ... යමපල්ලෝ මෙහෙ නෑ ඉන්නෙ ' යම ඔෆිසර්ලා ' යම පල්ලා කියන එක වෘතීයට නිගා වෙනවා කියලා උන් නම වෙනස් කරගත්තා. "
කතාව අතරතුර ලිෆ්ට් එක ගමනාන්තයට ඇවිත්
"හා දැන් අර පැත්තට යමු " අමුත්තා ආයෙමත් ඉස්සර උනා .
ඇවිදගෙන ඉස්සරහට ගිය අමුත්තා දොරක් ලග නැවතුනා..
" හා දැන් ඉතින් ඇතුලට ගිහින් යම සභාපති හම්බවෙලා තමුන්ට නියම කරන දේ අහගෙන එනවා "
"අනේ අයියේ අයියට මම කියන ඕනම දෙයක් දෙන්නම් මාව බේරලා දෙනවකෝ මගෙ ලග තියන හැම දෙයක්ම දෙන්නම් "
" මං කිව්වෙ දැන් වත් තේරෙනවද මෙහෙට එන්ඩ උනේ ඇයි කියලා හැම පෝයටම පන්සලේ හිටියට වැඩක් නෑ "
සිරිදාස පුරුදු විදියටම බිම බලා ගත්තා
" අනේ අයියේ අයියත් යමුකෝ .."
" ඒ අහවල් මගුලකටද .. මෙහෙ ඒවා තහනම් ඉක්මනට යනවා "
සිරිදාස බයෙන් බයෙන් දොර ලගට ගියා .. මොකා උනත් යකෙක් නේ සභාපති කියලා නම වෙනස් උනාට , සිරිදාස තමුන්ටම කියාගත්තා . සිරිදාස දොරට තට්ටුවක් දැම්මා
" එන්න ඇතුලට "
ඇතුලෙන් කටහඬක් ආවා.. සිරිදාස බයෙන් බයෙන් දොර ඇරගෙන ඇතුලට ගියා. ඇතුලේ පිලිවෙලට ඇදගත්ත මහත්තයෙක් ටයි කෝට් දාල. සිරිදාස උඩ බිම බැලුවා .
" යම රජ්ජුරුවෝ ඔබ තුමාද "
" නෑ .. මං යම සභාපති " මහත්තයා හිනා වෙලා කිව්වා
" ඉදගන්න " සිරිදාස බයෙන් බයෙන් පුටුවේ ඉද ගත්තා
" දෙන්න බලන්න ටිකට් එක "
සිරිදාසගේ ටිකට් එක ගත්ත යම සභාපති ටිකක් වෙලා ඒක දිහා බලන් හිටියා
"හ්ම්ම් .. හරි සිරිදාස මහත්තයා කරපු කියපු දේවල් නිසා එන්න උනේ මෙහෙට දැන් ඉතින් අපි ඒ කරපු වැරදි හරි ගස්ස ගන්න ඕන "
" අනේ බුදු මහත්තයෝ මට වද දෙන්න එපා . ඔයාලට වැරදිලා මං පව් කරලා නෑ "
" හා.. හා.. සිරිදාස මහත්තයා බයවෙන්න එපා කවුද කිව්වෙ වද දෙනවා කියලා "
" ආයෙ මොනවා කියන්නද . මේ අපාය නේ "
" ඉතිං... "
" ඉතිං කියන්නෙ . දැන් මාව කටු ඉබුලෙ නග්ගයි . ලෝදිය පොවයි , මාව දෙකට ඉරයි , කෑලි කපයි "
" බුදු අම්මෝ... " සභාපති තුමා ඇස් දෙක උඩ තියාගත්තා
" කවුද එහෙම කරන්නෙ "
" ඔබතුමාලනේ.. නැතුව අපායේ කිරි පොවනවද "
" ඉතිං සිරිදාස මහ්ත්තයෝ මං ඔහෙලට එහෙම කලොත් ඔක්කොටම කලිං අපායට එන්නෙ මමනේ "
සිරිදාස ආයෙමත් සැරයක් ස්භාපති තුමා දිහා බැලුවා
" යකෝ ඒකත් ඇතතනේ " සිරිදාසට එහෙම කියවුනා
"දැන් එතකොට මහත්තයෝ මෙහෙ ඔය එක වදයක් වත් දෙන්නෙ නැද්ද "
" නෑ .. අපි ඔය කිසි දෙයක් කරන් නෑ "
" එහෙනම් අපායෙ මොනවද කරන්නෙ "
" මෙහෙමයි සිරිදාස මහත්තයෝ. ඔයාල කරපු වැරදි හදාගන්න හැටි . ආයෙ වැරදි නොකර ජීවත් වෙන හැටි මෙහෙදි උගන්වනවා කොටිනම කියනවනම් මේක නිකං පුනුරුත්තාපන කදවුරක් වගේ "
" නෑ.... " සිරිදාස ආයෙමත් කට ඇරගත්තා
" ඒ කියන්නෙ වදයක් දෙන්නෙම නෑ "
" නෑ... උදේ හවස දේශන තියනවා , පරීක්ශන තියනවා ඒවා කරල සාර්ථකව නිමා කරන කට්ටියව ආයෙම මනුස්ස ලෝකෙට යවනවා ඊට පස්සෙ පුලුවන් . හරි මනුස්සයෙක් ව්ගේ ජීවත් වෙලා දිව්‍ය ලෝකෙ යන්න "
"දැන් සිරිදාස මහත්තයා යන්න ඔබතුමාට කරනන තියන දේවල් තව ටිකකින් දැනුම් දෙයි "
සිරිදාස සභාපති තුමාට වැදගෙනම කාමරෙන් එලියට ආවා
කාමරේ දොර ලග අමුත්තා හිනාවේගන ඉන්නවා
" මොකෝ දැන් හරිද .. දැන් වත් ඔය ටික හරියට කරලා දිව්‍ය ලෝකෙ යන්න ට්‍රයි කරනවා " අමුත්තා සිරිදාස දිහා බලගෙන හිනා වුනා
" අයියේ අපි හැම දෙයක්ම වැරදියටනේ බන් හිතාගෙන ඉදලා තියෙන්නෙ "
සිරිදාස දිහා බලා ආයෙමත් සැරයක් හිනා වුන අමුත්තා සිරිදාසට මෙහෙම කිව්වා
" මෙතෙන්ට එන හැම එකාම..... ඔය දොරෙන් එලියට ඇවිත් කියන්නෙත් ඕකම තමයි "
_____________________________________________
මුරගල

මුරගලේ ලිපි
අලුත් ලිපි
ජනප්‍රිය ලිපි
-
හැමදාම ඉර පායන එක බොහොම කම්මැළි වැඩක්. නොදන්න කෙනෙකුට හිතෙන්නෙ, ඒක බොහොම ලෙහෙසි වැඩක් කියලා. නමුත්, උදෙන්ම පායන්නට ඕන; නැත්නම්, සත්තු කලබල ව...
-
දොර ඇරෙයි. සැර විලවුන් සුවඳක් පැතිරෙයි. දොරින් ඇතුළු වෙන සරා, නිකමට මෙන් කාර්යාලය දෙස බලා, නාන කාමරයට යන පටු කොරිඩෝවට හැරෙයි. දෙපස පැලුම් ...
බලපු ඇත්තෝ කියපු දේවල්
කියවපු පිටු වල ගණන් හිලව්
හිතවත් පවුර
යුනිකේත විකේතකය
දැනුම් දීමයි
"මෙහි පලවී ඇති සියලුම ලිපි හා නිර්මාණවල හිමිකාරීත්වය කතුවරයින් සතුව පවතින අතර, වෙනත් තැනක පලකරන්නේ නම් උපුටා ගැනීම හා කතුවරයින්ගේ නාමය සඳහන් කළ යුතුය. එසේ නොමැතිව දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බව කරුණාවෙන් සළකන්න"
මුරගලේ අපි
Labels
- "පිස්සෙක්"
- (අ) වාසනාව
- (නො)තේරුම
- 2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු
- A9
- අද්දර ජීවිත
- අනේ බන් සෙනසුරු
- අඳ නෙත්
- අපාය
- අපිත් බුදුන් වඳිනවා
- අබූත
- අමා මහ නිවන්
- අවුරුදු
- අශ්ඨක
- ඇනට්
- ඇන්ඩෲ අය්යා
- උපේන්ද්‍ර හර්ෂණගෙන්
- ඒ අපේ කෙනෙක්
- ඒ.. රුපියල
- කවි
- කව්
- කළු පාට සොබාදහම
- කුටුම්භය
- කුනු
- කෙටිකතා
- කෙලෙසක දෝ අම්මේ.
- කොන්ෆරන්ස් එක
- කොල්ලො බල්ලො
- ගොදුර
- ජිවිතය උරගැම
- ජීවිතයේ කතාව
- ඩොගී
- තිලකා
- තුරු සිසිල
- දන්න අය දන්නවා.....
- දන්සැල
- දම්පල් හිමියනි
- දයාබර දියණියට
- දානය
- දේව පරාජය
- නලිනි චන්දිමාගෙන්
- නාඳුනන්නී
- නිමක් නැති කතාවක්
- නිර්මලා
- නිසදැස්
- නුතන බොළද ආදරවන්තයාගේ කව් පොතින්
- නුවන් තිලංගගෙන්
- නොපිපි කුසුම
- නොමියෙන ප්‍රේමය
- පරචිත්ත
- පරිස්සමෙන් හිටු
- පාට බැලුන්
- පිං කැටේ
- පෙරුම් පිරු සිහිනය
- පොතක් නිසා
- බේබද්දා
- බ්‍රැන්ඩි
- මාවතේ අපි
- මාෂ්මෙලෝස්
- මිනිස්කම යනු මෙයද ව්මසමී
- මිනීමරුවා..
- මීනා
- මුවහත
- යන්තරේ
- යැපෙනු පිණිස
- රතු එලිය වැටෙන තුරු
- රතු කමිසය
- රාහුලයෙක් උපන
- ලාභයි........ ජීවිතේ
- වන්දනා
- වයමි මම බෙරේ...
- වැව රවුම
- විසඳුම
- සංගිලි පාලම
- සමන්ත රූපසිරිගෙන්
- සාරා
- සිතක සිතුවිලි
- සිත්තාරු පාළම
- සිත්ති නෝනා
- සියුමැලි නොවුනු කලුගල්
- සිර ගත කල පෙම
- සිල්
- සුනීත
- සෙනරත් බණ්ඩාරගෙන්
- හැදූ මව
- හිරු ලප
- හෙවනැලි නැති මිනිස්සු
- හෙවනැලි නැති මිනිස්සු.....
හිතවත් අඩවි
-
-
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!7 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...8 years ago
-
Carnival of love8 years ago
-
-
කාබුල් කවි.9 years ago
-
test 710 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන11 years ago
-
"බොහොමත්ම ස්තුතියි"12 years ago
-
කැත කූඹී...13 years ago
-
ප්රබුද්ධ උපුටනය 0514 years ago




