අපිත් බුදුන් වඳිනවා  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



තමා හිසට තමන්ගෙ අත නැති දවසුත් තියනවා
ලබා උපන් හැටි කියමින් දේව පැතුම් පතනවා
මනුස්සකම රන් කහවනු ලගදි දෙකට නැවෙනවා
පින් කරන්න දැන් දෙයියොත්  මාසෙ පඩිය බලනවා

මහ පාරේ වීදි පුරා කඩවල පින් තියනවා
අත බර අය සදලුතලෙන් බැසවිත් පින් ගන්නවා
තව්තිසාවෙ බැංකුවෙ අය ඒ පින් කඳ මනිනවා
අතේ සතේ නැති එකාට දෙයියෝ අහක බලනවා

අපේ හිතෙත් උසම තැනක පසේ බුදුන් ඉන්නවා
මල් පුදන්න තැනක් නැතත් හිතේ පැතුම් තියනවා
කුසේ ගින්න මරා ගන්න දවස අපෙත් ගෙවෙනවා
අතේ සතේ නැතත් පුතේ අපිත් බුදුන් වඳිනවා




 

Posted by සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)

පෝය දා එනකම්ම
අතේ ඇඟිලි ටික
ගණින මං

පෝය දා පන්සලට 
පැඳුරු කඩමළු අරන්
හනි හනික පය තිබ්බේ

වෙන මොකටවත් නෙවෙයි


මගේ මුල් පෙම් කවේ හුන්
ඇයත් සිල් ගන්ට පෝයට
පුද බිමට එන නිසා