වයමි මම බෙරේ...  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,


උපන් දා පටන් වැයුවෙමි නුඹට බෙර පදේ
පරම්පරා හුරු දෑතට නුහුරු නැත මගේ
තැලුනු දෑඟිලින් දැනෙනා හැඟුම නැත සුවේ
තවත් මම කුමට වයමිද නුඹට බෙර පදේ

නුඹට පුද කෙරුනු ලෝකය ගෙවී ඇත මගේ
උරුම තනිකමට නුඹ නැත පිහිට හෙට දිනේ
මගේ පැල පමණි මන්දිර තැනී ඇත හිතේ
කුමට තනි රකිමි නුඹ ලග කිමද ඇති පලේ

නුඹට පමනි හිස නැවුනේ දෙවොල තුල මගේ
දුදන සිත් දනන් හට නුඹ පුදනු මට පෙනේ
උනුන් ලග දනින් වැදගෙන වයමි මම කෙසේ
කුමට නුඹ නමින් වයමිද හෙටත් මම බෙරේ




මිනිස්කම යනු මෙයද විමසමී  

Posted by නුවන් තිලංග in ,


කිරිබොන ඇත් පැටියා මවගෙන් වෙන්කර බුරුලේ කිරි ඇති මව,අපල දුරුකරගන්නට දේවාලයට පුජා කිරිම නිසා මව් කිරි නොමැතිකමින් විජලනය හැදුනු ඇත් පැටවා මිය යයි -පුවතක්


මාස ගණනක් කුසේ රදවා රැකගත්තේ දරු සෙනෙහසින්මයි
මගේ තනේ කිරි එරි ගැලුවේ උබේ කුසගිනි නිවන්නයි
උබෙන් මා දුර වෙන් කෙරුවේ උන් කෙරු මහ පව් ගෙවන්නයි
උන්ට යා යුතු අපායත් දැන් කපා ගත්තේ උන් ව්සින්මයි

වනේ රකිනා දෙවිදුනේ බල ඔබේ තේජස පාමිනේ
මගෙන් මා පුතු වෙන්කලා උන් නසාලනු නෙත් පාමිනේ
කෙසේනමි ඉවසමිද දෙවියනි සිදුකලා වු කොඩි විනේ
උන්ගේ පව් හෝදන්න බිලිදුන් මගේ පුතා කොයිදෝ අනේ

මවක් ලෙස මගේ තනේ පුපුරා ගලා යයි කිරි දස අතේ
උන්ට නොදැනුනාද දෙවියනි මවකගේ දරු සෙනේ හසේ
එපා යලි උපදින්න මා පුත මුර්ගයන් ඇති සිරි ලකේ
මිනිස්කම යනු මෙයද විමසමි තිරිසනෙකු වි මේ භවේ




ගල්මල්-Coral සහෝදර අඩවියට සුභ පැතුම්  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා

වෙබ් අවකාශය තුල හමු වන  විවිධාකාර පුද්ගලයන් අතර කැපී පෙනෙන, ආදරණීය , සරල  මිනිසෙකුගේ  සොඳුරු බ්ලොග් අඩවියෙහි සියවෙනි කඩඉම වෙනුවෙන්  මුරගලෙහි අපෙන් උණුසුම් සුභ පැතුම්.  

එකිනෙකා පරයමින් ඉහළ යාමට වෙර දරන, අනිකා පහළ හෙලන්නට කකුලෙන් අදින සමාජයක, වෙනස් මාවතක පිය නැගි ගෞරවනීය සහෝදරයානෙනි, 
මුරගල ඇරඹි දා පටන්, වඩාත් යහපත් අඩවියක් ගොඩනැගීමට  උපදෙස් දෙමින්ද, අප වෙතින් වන වැරදි පෙන්වා දෙමින්ද, අපගේ බ්ලොග් අඩවිය සාර්ථක කර ගැනීමට බොහෝ උර දුන් ඔබ වෙනුවෙන් මුරගලේ අපෙන් පිදෙන සහෝදර උත්තමාචාරය!






නොගැඹුරු මුහුදේ සුපිපි මුත් ගැඹුරක්ම හඟවන,
වෛවර්ණ නිර්මාණයෙන් සැදි,
සුනම්‍ය වූ, නොවූ සියල්ල අරභයා මුදු සුමුදු භාෂිතයෙන් කව් පබඳින,
බරක් ඇති අදහසක්ම හැම වදනකින් ගෙන එන,
ගල්මල්- Coral අඩවිය නම් පුෂ්පය
කිසිදා පරව නොයේවා.






http://galmal.blogspot.com/2011/08/blog-post_11.html




බ්‍රැන්ඩි  

Posted by නලිනි චන්දිමා in , ,

දොර ඇරෙයි. සැර විලවුන් සුවඳක් පැතිරෙයි.

දොරින් ඇතුළු වෙන සරා, නිකමට මෙන් කාර්යාලය දෙස බලා, නාන කාමරයට යන පටු කොරිඩෝවට හැරෙයි. දෙපස පැලුම් සහිත, දිය සෙවෙල් පැහැ සාය, ඇගේ ඇත් ගමනට උචිත පරිදි යන්තමින් සැලෙයි.

"කස කාරයා ආවා." එකෙක් කියයි. කසුකුසු සිනාවක් නැගෙයි. කාර්යාලය වැඩට සූදානම් වෙයි.

එක්වනම සිරුර කෙළින්කොට සීරුවෙන් සිටගන්නා රණසිංහ, කඩිනමින් දොර හැර, රිදී කෙසින් යුත් හිස මඳක් ඇල කොට, පක්ෂපාතීව සිනාපායි.

"ගුඩ් මෝනිං."
විශ්වාසයෙන් කියන ලක්මාල් දිගු අඩි තබමින් කාර්යාලයට ඇතුළු වෙයි.
"මෝනිං සර්." රණසිංහ ඔහුගේ සෙවණැල්ලට සෙමින් කියයි.

ඇතැම්හු හුනස්නෙන් නැගිටිති; ඇතැම්හු නැගිටින්නට මෙන් සැරසෙති. සියල්ලෝ මන්දස්මිතයකින් සැරසී අරුත් නොසිතාම ආසිරි පතති.
"ගුඩ් මෝනිං සර්."
කැමැත්තෙන් කූඩු වෙන සතෙකු බලෙන් නතර කර ගත්තාක් මෙන් ලක්මාල් මොහොතකට නවතියි.
"ගුඩ් මෝනිං."