සිතක සිතුවිලි  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,


මහා මන්දිර සඳලුතලවල
නම්බුවේ ගුණ රුවේ ඔපයට
හැදෙන වැඩෙනා අපේ උන් ගැන
නොමැත තරහක් අපේ හිත් වල

වදන් ගලපා කියන්නට බැහැ
නැගෙන කුසගිනි කතාවන් ගැන
රජුන් බුදිනා බොජුන් හල් ළඟ
නොමැත උණු වෙන දයා සිත් ලොව

කුලේ තිරිසන් උණත් හිතවත 
දැනේ අපටත් කුසේ හිස් බව
නොතේරී නොව අහක බැලුවේ
බුදුන් වඳිනා බොහෝ සිත් අද




This entry was posted on Sunday, May 01, 2011 at Sunday, May 01, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

3 දෙනෙක් ගේ අදහස්

කුලේ සිව්පා උනත් අපි හැම
ගුනෙන් එකමයි මිනිසුනි ඔබලග
තුරුළු කරන් වාහන වලින් බැස එන
අයට කිම සැප නොබලා අප දෙස..

May 1, 2011 at 5:34 PM

අදහසට.. ස්තූති මිත්‍රයා

May 1, 2011 at 6:03 PM

අපේ ගෙදරත් මෙහෙම කෙනෙක් ඉන්නවා. නම බිතෝවන්. කලින් වෙන මහත්තයෙක් ලඟ හැදිල ලොකු උනාම එයාල රට යත්දි අපිට ලැබුනේ.එයාල දමපු නම තමයි ඒ. අපිට පුතෙක් වගේ තමයි. පුදුම ලෙන්ගතු කමක් තියෙන්නෙ. මහත්තයා යන යන තැන පස්සෙන් යනවා. පහල වැඩපලේ ඉන්න එක්කෙනත් ඒ වගේම ආදරේ. නම බ්ලැකී. මේ සසර නෑයන් වෙන්න ඇති. මොකද අපි කලින් ගෙදරට යනකොට කි.මී. භාගක් විතර දුර දුවගෙන, පාරත් පැනලා අපේ වාහනයට කලින් බ්ලැකී ගෙදරට ඇවිත්. මල්ලි මේකේ තියෙන ව්දිහට අපිත් නිතරම පාරෙ දුක් විදින අය ගැන සංවේදියි. අපි උපදින තැන අනුව දුක සැප තීරනය වෙන්නෙ නේද?

May 2, 2011 at 7:42 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්