පිං කැටේ  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



අනේ තාත්තෙ කියහන්කො..
අපි  පිං පෙට්ටියට දාන පඬුරු
දෙයියෝ ගනන් කරන්නෙ කොයි වෙලාවටද කියලා

ඒත් එක්කම මට කියහන්කො
සිතූ පැතූ සම්පත් තියනවාය කියන දෙයියො..
අපි දෙන සතෙන් සතේ එකතු කරනවද
පිං කැටේට දාන පඬුරෙ ගානට අපිට සලකනවද

පඬුරක් නොදා යන උන්ගේ හතර හන්දි දෙයියො කඩනවනම්
සොත්ති උපාලිත් දෙයියෙක් නෙ තාත්තෙ




This entry was posted on Thursday, September 15, 2011 at Thursday, September 15, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

5 දෙනෙක් ගේ අදහස්

හරිම අපූරු සිතුවිලලක්....

September 15, 2011 at 8:11 PM

අති විශිෂ්ඨයි .....
කියන්න වදන් නැත ......

September 15, 2011 at 10:48 PM

අනේ අපිට දෙවියො බලනවනම් මෙහෙම වෙයිද? දෙවියන්ට දාන පඬුරු පිල්ලි ගහන්න ඉන්නෙ කවුද ? කියල කවුරුත් දන්නවනෙ. ලස්සන අදහසක්. මල්ලී ඔයාට ජයම පතනවා.

September 16, 2011 at 9:09 AM

නියමයි

September 16, 2011 at 12:26 PM

"පඬුරක් නොදා යන උන්ගේ හතර හන්දි දෙයියො කඩනවනම්
සොත්ති උපාලිත් දෙයියෙක් නෙ තාත්තෙ"

පට්ටයි!! 

September 24, 2011 at 11:55 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්