අමා මහ නිවන්  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



අමා මහ නිවන් කෙලවර  පතාගෙන අපිත් හැමවිට
උනුන් ලඟ දනින් වැදගෙන නිවන් පතනවා
කල්ප කාලයක් කල පව් සැරයටියෙන් වෙර අරගෙන
දකින දකින පන්සල් වල පව් හෝදනවා

මිනීමරු දනෝ ගිනි බිඳ ඉතින් පරලොවට ගිය කල
අපේ මහ දනෝ උන්ටත් නිවන් පතනවා
සැමට පොදු බැනර් ඇඳගෙන සත්ගුණවත්  මරු සිරාට
වැලිකඩ ලඟ බෝධියකින් නිවන් පතනවා

අමා මහ බුදුන් සිහිකර කියා අපි වැටී ඇති වල
බුදුන් දහම් සඟ සරණින් පිහිට පතනවා
සිනාසී නැටුම් නැටුවත් පමාවී දැනෙයි කාටත්
අපිට වැරදිලා කියලා අපිම දන්නවා






This entry was posted on Tuesday, December 20, 2011 at Tuesday, December 20, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

2 දෙනෙක් ගේ අදහස්

ලෝකෙ හැටි! මෙහෙම තමයි. අපේ ආච්චි අම්මා දවසක් කිව්වා අපේ සීයට පිහියෙන් ඇනලා එල්ලාපු මිනිහාගේ ගෙදරත් මේ වගේ නිවන් සුව ලැබේවා! කියල ගහල තිබ්බාය කියල. ඒ මිනිහා අපේ වතුවල පොල් කඩත්දි සීයා කවුද යකෝ පොල් කඩන්නේ, කියල අහපු පාර ඒ මිනිහා කඩිමුඩියේ ගහෙන් බැහැලා සීයට පිහියෙන් ඇනලා දුවලා. ඒ කාලෙ සීයට අහු උනා නම් කැලිත් නෑ කියල ඒකා හිතන්න ඇති. මම ගොඩාක් තැන්වල අසමත්ජාතියො මැරුනාම මේ වගේ ගහල තියෙනවා දැකල හිනා වෙලාත් තියෙනවා. උන් ලෝකෙට පහල උනේ ඇයි? කියල මමම හිතලත් තියෙනවා. හරිම අපූරු අදහසක් මල්ලී.

December 23, 2011 at 6:52 AM

man oyage writing style ekata godak aasai!

January 24, 2012 at 8:09 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්