හැදු මව  

Posted by නුවන් තිලංග in , ,


අසම්මත ප්‍රේමයක
අතුරු එලයක් වූ වැරැද්දට
වන ලැහැබක් උරුම වූ මට
දෙතනේ ලේ කිරට හරවා
පෙව්වේ ඔබයි කිරි අම්මේ

ඔබ මරා මස් බුදින උන්
කෙරෙහි වෛර නොකරමින්
දෙවෙනි මව් වූයේ ඔබයි අම්මේ

ඔබේ දරුවන් නිසා එරුණු කිරි
මා වෙනුවෙන් පුදන්නට
ඔබ උත්තරිතර වුණු නියාවෙන්

ලෝකයා මොනවා කියූවත්
මා හැදූ මව ඔබය කීමට
මගේ හද නොපැකිලේ, අම්මේ




This entry was posted on Friday, October 07, 2011 at Friday, October 07, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

5 දෙනෙක් ගේ අදහස්

මේ හා සමාන පිංතූරයක්/කතාවක් ගැන කාම්බෝජයේන් වාර්තා වුනා කලින්.

පදපෙල නම් උපරිමයි නුවන් මල්ලී, ගොඩාක් හිතට වැදුනා.

October 8, 2011 at 12:57 AM

අසම්මතේ ඉපදුන වරදට
අහිමිව ගියත් වැදු මව් සෙනෙහස
ලේ කිරි කර දී වැඩෙන්නට
මා හැදු මවයි නුඹ ලෝකයෙන් වසන්ව...

October 8, 2011 at 1:06 AM

මාර සිද්දිය නේ.......

October 8, 2011 at 10:05 AM

අදහස් පළකල සියලු දෙනාටම පිං

October 11, 2011 at 10:10 AM

අනේ අසරන කොලු පැටියා. හරිම සංවේදියි, නුවන් මල්ලි. බලාගෙන ගිහාම අපිත් බාගෙට බාගයක් එළකිරි බීලනෙ හැදෙන්නෙ. පිටි බොනව කියල තාමත් බොන්නෙ ඒව නේ.

October 14, 2011 at 7:50 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්