අඳ නෙත්  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,


කඳුළු කරදර නොමැති හිතකට
සිනාසෙන්නට බැරි නිසා
මල් පිපෙන ලොව සුවඳ උරුමව
පැහැය නොපෙනෙන පව නිසා

ප්‍රේමයේ හැඩ නොදැක කිසි දින
අසන සරදම් පෙම් කතා
මලට ලං වෙන බමර හිත් වල
නැහැ දකින්නේ පෙම් සිනා

ගමන නොනිමෙන මගක ඉඳ හිට
හිතට ලං වෙන හිත් පවා
අඳුරු හිතකට පෙම් බඳින කල
පළා යන්නේ හිරු කරා






* ජීවිතයේ එක් කලෙක මට සමීපව සිටියකුගේ දියණිය නෙත් අඳ යුවතියකි. බාල වියේදී කිසිදු දුකක් නොදී මලක් මෙන් ඇය හදා වඩා ගත්තද, එළඹෙන යෞවනය හමුවේ දෙමවුපියන්ද අසරණය. දෑසම පෙනෙන යෞවනියක පිළිබඳව වුවද පියෙකුගේ සිතෙහි ඇත්තේ අවිනිශ්චිත බියකි; නෙත් අඳ දියණියක පිළිබඳව කියනුම කවරේද?




This entry was posted on Saturday, March 26, 2011 at Saturday, March 26, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

6 දෙනෙක් ගේ අදහස්

බොහෝ සංවේදී මාතෘකාවක්. මෙවැනි තත්වයක දී දෙමාපියන් පත්වෙන්නේ ඉතා අසරණ තත්වයකට. එවන් දරුවෙකු රැක බලාගෙන උසමහත් කිරීමේ අභියෝගයට වඩා ඒ දරුවාගේ අනාගතය ගැන සිතා ඔවුන් කම්පාවෙනවා ඇති.

March 26, 2011 at 11:21 PM

@ගල්මල්-Coral

ඔව් ඔවුන්ගේ ජීවිතය හැමදාමත් ඒ සිතුවිල්ලෙන් පිරිලා. ගොඩක් ස්තූති අයියා

March 27, 2011 at 12:24 AM

අපි ජීවත් වෙන්නෙ කෙටි කාලයක් නෙව.

March 27, 2011 at 5:52 AM

සැරයටිය ඔබෙ බිම ගැටෙන හඬ,
ගෙනෙයි දෙනෙතට කඳුලු වැල්,
පිපුනු මලකින් සුවඳ විහිදෙයි,
හිතට නැහැ සැනසුම් සුසුම්,

March 27, 2011 at 2:05 PM

සංවේදී සිතුවිල්ලක් මල්ලී. කොහොම උනත් දෙමාපියනට තම දියණිය මැණිකක්. ඒ අය හොදින් හදාවඩා ගත් දියණිය කවදාහරි හොදට හිදීවි. එයාලට උපතින්ම ඒ දෛර්‍යය තියෙනවා. ඒ අය සංවේදී වගෙම හරිම ශක්තිමත්. අභියෝග වලට මුහුණදීමේ ශක්තිය තියෙනවා.

March 28, 2011 at 8:04 PM

හැමෝටම ගොඩක් ස්තූති අදහස් දැක්වීම ගැන

April 30, 2011 at 7:38 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්