ජිවිතය උරගැම  

Posted by නුවන් තිලංග in ,







භුමිතෙල් කාළයි
කෝර හාල් බාගයයි
කරවල පනහයි
පොල් ගෙඩියයි
පොල් තෙල් අරික්කාළයි
සිනී දෙසිය පනහයි

ආබාධිත සැමියට
සුදු බිඩි දෙකයි

හවසට ගෙදර ගෙනියන්න
තවම විකුණුවේ ට්කට් දෙකයි
අනේ නෝනා මහතුනේ

ඔබ වාසනාව උරගාද්දි
මම ජිවිතය උරගානවා




This entry was posted on Friday, October 07, 2011 at Friday, October 07, 2011 and is filed under , . You can follow any responses to this entry through the comments feed .

5 දෙනෙක් ගේ අදහස්

සංවේදි කවි පෙලක්... ලස්සනයි..

November 17, 2011 at 8:08 PM

ස්තුතියි දිනේෂ්

November 21, 2011 at 12:05 PM

අදයිනෙ මේක දැක්කෙ නුවන් මල්ලි,
බීඩි දෙක ගන්නෙම නැතිව ඉන්න බැරිද?

January 14, 2012 at 7:02 AM

ඈය විසින් ගෙනියන බිඩි දෙක තමන්ගෙ පුරුශයාට දක්වන ආදරය සන්කෙතවත් වෙන්වා. ඔහුට එය රටක් වටිනවා.ලොකු සල්ලි තියන මිනිස්සුන්ට වඩා. මෙ මිනිස්සුලග ආදරය තියනවා.

January 15, 2012 at 1:31 PM

Chandi අක්කා මම දිය යුතු පිලිතුර Ray සොයුරා විසින් හොදින් විග්‍රාහ කරලා තියෙනවා.දෙදෙනාටම ගොඩාක් ස්තුතියි

October 2, 2012 at 12:49 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්