ගල්මල්-Coral සහෝදර අඩවියට සුභ පැතුම්  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා

වෙබ් අවකාශය තුල හමු වන  විවිධාකාර පුද්ගලයන් අතර කැපී පෙනෙන, ආදරණීය , සරල  මිනිසෙකුගේ  සොඳුරු බ්ලොග් අඩවියෙහි සියවෙනි කඩඉම වෙනුවෙන්  මුරගලෙහි අපෙන් උණුසුම් සුභ පැතුම්.  

එකිනෙකා පරයමින් ඉහළ යාමට වෙර දරන, අනිකා පහළ හෙලන්නට කකුලෙන් අදින සමාජයක, වෙනස් මාවතක පිය නැගි ගෞරවනීය සහෝදරයානෙනි, 
මුරගල ඇරඹි දා පටන්, වඩාත් යහපත් අඩවියක් ගොඩනැගීමට  උපදෙස් දෙමින්ද, අප වෙතින් වන වැරදි පෙන්වා දෙමින්ද, අපගේ බ්ලොග් අඩවිය සාර්ථක කර ගැනීමට බොහෝ උර දුන් ඔබ වෙනුවෙන් මුරගලේ අපෙන් පිදෙන සහෝදර උත්තමාචාරය!






නොගැඹුරු මුහුදේ සුපිපි මුත් ගැඹුරක්ම හඟවන,
වෛවර්ණ නිර්මාණයෙන් සැදි,
සුනම්‍ය වූ, නොවූ සියල්ල අරභයා මුදු සුමුදු භාෂිතයෙන් කව් පබඳින,
බරක් ඇති අදහසක්ම හැම වදනකින් ගෙන එන,
ගල්මල්- Coral අඩවිය නම් පුෂ්පය
කිසිදා පරව නොයේවා.






http://galmal.blogspot.com/2011/08/blog-post_11.html




This entry was posted on Thursday, August 11, 2011 at Thursday, August 11, 2011 . You can follow any responses to this entry through the comments feed .

1 දෙනෙක් ගේ අදහස්

මේ හෘදයාංගම සුබ පැතුම ඉතා ගෞරවයෙන් හා ආදරයෙන් පිලිගන්නවා. ඔබ හා මුරගල ලේඛක මඬුල්ලට බොහෝමත්ම ස්තුතියි.

මහපොළව යටින් ගලන දිය දහරාව ඇති හැකි හැටියට ඉස්මතුකර ලිං කනිනවා, ලිඳවට කර වැටක් තාප්පයක් තැනෙනවා. ලිඳක වතුර පරිහරණය කරන තරමට උනනවා වගේම නැවුම්. ලිඳ අයිති ඉඩමට වෙන්න පුලුවන්, ඒත් ජල දහරාව? දැණුමත් ඒ වගේ නේද? අපි අපිට පුලුවන් හැටියට බෙදමු. බෙදාගමු.

August 12, 2011 at 1:07 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්