මිනිස්කම යනු මෙයද විමසමී  

Posted by නුවන් තිලංග in ,


කිරිබොන ඇත් පැටියා මවගෙන් වෙන්කර බුරුලේ කිරි ඇති මව,අපල දුරුකරගන්නට දේවාලයට පුජා කිරිම නිසා මව් කිරි නොමැතිකමින් විජලනය හැදුනු ඇත් පැටවා මිය යයි -පුවතක්


මාස ගණනක් කුසේ රදවා රැකගත්තේ දරු සෙනෙහසින්මයි
මගේ තනේ කිරි එරි ගැලුවේ උබේ කුසගිනි නිවන්නයි
උබෙන් මා දුර වෙන් කෙරුවේ උන් කෙරු මහ පව් ගෙවන්නයි
උන්ට යා යුතු අපායත් දැන් කපා ගත්තේ උන් ව්සින්මයි

වනේ රකිනා දෙවිදුනේ බල ඔබේ තේජස පාමිනේ
මගෙන් මා පුතු වෙන්කලා උන් නසාලනු නෙත් පාමිනේ
කෙසේනමි ඉවසමිද දෙවියනි සිදුකලා වු කොඩි විනේ
උන්ගේ පව් හෝදන්න බිලිදුන් මගේ පුතා කොයිදෝ අනේ

මවක් ලෙස මගේ තනේ පුපුරා ගලා යයි කිරි දස අතේ
උන්ට නොදැනුනාද දෙවියනි මවකගේ දරු සෙනේ හසේ
එපා යලි උපදින්න මා පුත මුර්ගයන් ඇති සිරි ලකේ
මිනිස්කම යනු මෙයද විමසමි තිරිසනෙකු වි මේ භවේ




This entry was posted on Monday, August 22, 2011 at Monday, August 22, 2011 and is filed under , . You can follow any responses to this entry through the comments feed .

11 දෙනෙක් ගේ අදහස්

අනේ අම්මපා මුන් අමු තිරිසන්නු නේ.දරුවෙක්ව අම්මගෙන් වෙන් කරන එක හරිම පවක්.ලස්සනට හිතට දැනෙන විදියට කවිය ගලපලා තියෙනවා.ඇත්තෙන්ම ලස්සනයි

August 22, 2011 at 6:13 PM
Anonymous  

මව් ඇතින්න පුජා කිරීමෙන් පිනක් ලැබුණයි ඇත්තට?

August 22, 2011 at 7:08 PM
නුවන්  

අදහස් වලට ‍ගොඩාක් තුති

August 22, 2011 at 8:44 PM

මාස 22 ක කාලයක් බඩේ තියගෙන බිහි කරපු ඇත් පැටියට උන දේ..බුද්ධියේ සංකේතයක් උන අලි අතුන්ට වන අපරාධ කතා කරන්න ඕන..බලන්න මේ කතාවත් කියවල.මේක මේ මම ෆලෝ කරන එකක්..
http://malmiart.blogspot.com/2011/06/blog-post.html

August 22, 2011 at 9:21 PM
Anonymous  

sanwedee kaviyak.... eth akuru pahadili madi, kiyawanna amaruy

August 23, 2011 at 6:01 AM

ගොඩාක් ස්තුතියි ලලිත්.අපේ ම්නිසුන්ගේ සුඛවිහරනයට වන්දි ගෙවන්නේ අහිංසක සත්තු.

මම මෙය කියවන්න පහසු ව්දියට හදන්නම්

August 23, 2011 at 8:31 AM

ඒත් ඉතින් ඕක කාගෙ වුවමනාවට කොරපු දෙයක්ද කියල දන්නව ඇතිනෙ. ඉතින් ජාතියේ දරුවන්ගෙ තාත්ත කියල තමයි එයා කියාගන්නෙ. ආදරය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති අය තාත්තලා වුණාම මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න ඕනි ඉදිරියටත්.
කොහොම වුණත් වන මෘගයෙක්ගෙ වුණත් දරුව අහිංසකයි. අම්මගෙ කිරිත් උණුසුමත් නැතිව මිය යන්න සිදුවීම කොයිතරම් වේදනාත්මකද?
ඇත්තෙන්ම හෙණ ගහන්න ඕනි කරපු එවුන්ට..

August 23, 2011 at 9:23 AM

ඇත්තටම මට මේ පුවත දැක්කම දරාගන්න බැරි දුකක් දැනුනා.මාස ගානනකින් නිර්මානයක් කරන්න බැරි වුන මට නිර්මානයක් කරන්න හිතුනේ එ නිසාමයි.

August 23, 2011 at 10:17 AM

හෙන ගහන අපලෙ. අනේ අහිංසකයා. මෙහෙමත් මුරුගයො ඉන්නවනේ.

August 23, 2011 at 3:02 PM

කියලා වැඩක් නැ චාන්දි අක්කා.මුන්ට යන්න අපායක් හදන්න ඔනේ

August 23, 2011 at 3:28 PM

බොහෝම සංවේදී කතාපුවතක් කවියට නඟලා තියෙන්නේ. හරිම දුක හිතුනා නුවන් මල්ලී.

August 23, 2011 at 5:40 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්