සාරා...  

Posted by සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) in ,

සාරා
උඹ මහ නරක බැල්ලියක්
ඇත්තමයි
උඹ ඇයි මට මෙහෙම කලේ...?
මම උඹට වෛර කරනවා
ඔව්
අද ඉදන් හැමදාටම
මම උඹට වෛර කරනවා
හිතන්න එපා මා ලඟ
ආයේ ආයෙත් හුරතල් වෙන්න
ආයේ කවදාවත්ම
උඹට බෑ මයේ
පෑරිච්ච හදවත
සුව කරන්ට...
.
.
.
.
මොන බම්බුවකටද
අල්ලපු ගෙදරට රිංගලා
ලීසා නංගාගේ
සාය කොටේ ඉරුවේ..?
ඒ මදිවට බිම දාපු සාය කෑල්ලේ
උඹ තව ජරාත් කරලා

අනේ අපොයි....!




This entry was posted on Saturday, July 02, 2011 at Saturday, July 02, 2011 and is filed under , . You can follow any responses to this entry through the comments feed .

3 දෙනෙක් ගේ අදහස්

අය්යෝ මම හිතුවේ බූට් පාරක් දීපු කෙල්ලකට කියන
එකක් කියලා. බලනකොට බැල්ලියකට. නියමයි.

July 2, 2011 at 2:17 PM

බල්ලන්ට තේරෙනයැ ඕව.

July 2, 2011 at 3:51 PM

මුලින් වැදුන... පස්සෙ තේරුනා...

July 9, 2011 at 1:45 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්